lan englan tam

පුවත්

සිරසත් මිතුරනුත් හැර ගිය කෙනත්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කෙනත් වීරක්කොඩි සිරස මාධ්‍ය ජාලයේ ඉතා වැදගත් භූමිකාවක් හෙබවූ මාධ්‍යකරුවෙකි. ඔහු පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක විසින් සංවේදී සටහනක් පළ කරනු ලැබ තිබිණි.

කෙනත් සොහොයුර, ඔබට නිවන් සුව!

 

සිරසට හිටියා මහ බලවත් කැමරා ඇණියක්ම.
බෝම්බෙන් තුවාල වුනු කරූ, සුමිත්, ගැටගහවත්ත, අසංග මල්ලිකාරච්චි, මීහිටිය, මේ එකපාරටම මතකෙට එන සීනියර්ස්ලා සෙට් එක. ... ත්රිකෝණ හැඩය ඇස් පියාගෙන උනත් මවාගන්න මුල් යුගයේ සිට කිලෝ ගාණක් බර කැමරා කර තියාගෙන ලෝකෙ පුරා කරක්ගහපු මේ නිහඩ මිනිස්සු තමන්ගෙ කාච සීරැ මාරු කරමින් අලුත් තරු මැව්වා. ආලෝකය අදුර රෑපයෙදි විතරක් නොවී ජීවිතයෙදි විදින හැටි නවකයන්ට ආදරෙන් කියා දුන්නා. බීටා යුගයේ සිට හාඩ් චිප් හරහා ක්ලවුඩ් තාක්ෂණය තෙක් අප්ඩේට් වුනා. ගුවන් හමුදා හෙලිකොප්ටරයේ බිම දිගාවෙලා පටිවලින් ගැට ගැහිලා වේගෙන් බමන හෙලිකොප්ටර් යානයේ සිටත් සුපැහැදිලි රෑප රාමු එවපු , යුරෝපය පුරා සීතලට කැමරාව අක්රීය ව්නතුරුම, ඇගිලි පුරුක් කකියද්දි හිමමත දර්ශන ගත්තු, ගිණිකදු විවර ලග , ගෙන්දගම් දුමාරයෙන් හුස්ම හිරවෙද්දි කැස්සට නොගැස්සී රූප රෙකෝඩ් කරපු,
ආදරණීය ජේශ්ඨයා.... " අපිව කැමරා කරන කෙනා"....
හෙට සිට මතකයේ රැදෙන්නේ අකුරක වෙනසකින් පමණි.
"අපිව කැමරා කරපු කෙනා"
මචන් නිවන් සුව.....🙏.😪
Back to top
Go to bottom

Popular News