lan englan tam

පුවත්

සුනිල් ආරියරත්නයන්ගේ 'ගෞතම බුද්ධ මාතා' රූගතකිරීම් ඇරඹෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිලංග සුමතිපාල මහතාගේ නිෂ්පාදන දායකත්වයෙන් මීළඟට එළිදැකීමට නියමිත 'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා (14) ඇරඹිණි.

රාජ මාතාව,රාජ මෙහෙසිය රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රියන් හට දුලබ නොවෙතත් යම් ස්ත්‍රියක් හට 'බුද්ධ මාතා' යන නම හිමි වීමේ දුර්ලභභාවය පෙන්වමින් මෙම චිත්‍රපටය නිර්මාණය වේ.
ආත්ම කල්ප ගණනක් පෙරුම් පුරාගෙන විත් බුදු වන සිදුහත් කුමරුන්ට සිය කුස දුන් මහාමායා දේවිය හැරුණු කොට ඒ දුර්ලභ වාසනාව උදාවූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ චරිතය වටා මෙම චිත්‍රපටය නිර්මාණය වේ.
තිර රචනය සහ දෙබස්ද මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරනු ලැබ ඇති අතර සිනමාපටය පිළිබද අදහස් දක්වන මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරන්නේ ගෞතම බුද්ධ මාතා යනු මේ සමයේ නිර්මාණය නොවන ආකාරයේ විශාල ආයෝජනයක් සහිත දැවැන්ත සිනමා නිර්මාණයක් බවය.
චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්, විමල් දේශප්‍රිය සහය අධ්‍යක්ෂණයෙන්, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්, ප්‍රියන්ත දිසානායක වෙස් ගැන්වීමෙන් සහ නිමල් විජේසිරි සේනාධීර නිෂ්පාදන කළමනාකරණයෙන් 'ගෞතම බුද්ධ මාතා' සිනමා පටය සදහා දායක නිර්මාණය කෙරේ.

Back to top
Go to bottom

Popular News