lan englan tam

පුවත්

අවුරුදු 31ක් අකුරු 03ක් එක්ක ඔට්ටු වූ මාධ්‍යකරුවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශාන් වික්‍රමසිංහ TNL රූපවාහිනී නාලිකාවේ සභාපතිවරයාය. ඔහුගේ උපන්දිනය අද (21) දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් මාධ්‍යවේදී චාමික ජනකාන්ත අල්විස් රූපවාහිනී නාලිකාව පිළිබඳවද කියවෙන සටහනක් යොමු කර තිබිණි.

තාමත් මෙහෙම එක තැනක්වත් එක රටකට ඕන නැද්ද...?

මොකෙක් හරි හාල්පාරුවෙක් එක්ක ඇයි හොඳැයියක් නැතුව ඇප්ලිකේෂන් එකක් දාලා මීඩියා රස්සාවක් හොයාගන්න පුළුවන් තැනක්...
කොහෙවත් නැති අපතයන්ට ගැති නොවී නිර්වස්ත්රව කඩේ නොයා නිදහසේ වචනයක් දෙකක් හරි කියාගන්න පුළුවන් තැනක්...
තමන්ගේ ප්රයිවට් එෆ්බී එකේ තමන්ට ඕන පෝස්ට් එකක් ඕන මඟුලක් කියලා පබ්ලික් දාලා ලොකු අවුලක් නැතුව ඉන්න පුළුවන් තැනක්...
තමන්ගේ හයියෙන් හදපු චැනල් එක ලයිෂන් හොරු මංකොල්ල කෑවයින් පස්සේ තව ඒවගේ එකක් හදලා පෙන්නන්න තරං හිතේ හයියක් තිබුණ සභාපතිකෙනක් ඉන්න තැනක්...
ඔය අනිත් හැම වස්ත්රත් එක්කම එහෙම එකක්වත් මේ වගේ රටකට තියෙන්න ඕන නැද්ද...?
අවුරුදු 31 කට කිට්ටු කාලයක් මේ පොළවේ එහෙම එකක් තිබ්බා කියන එකත් විශ්මයක්...
කොහොම උනත් මේ අකුරු 3 එක්ක නැහුන ආදරණීය සභාපතිතුමන් ඇතුළු හැමෝටම...
කවදත් මාර ආදරෙන්...❤️
Back to top
Go to bottom

Popular News