lan englan tam

පුවත්

මිෂෙල් පළමු දෙමළ චිත්‍රපටයේ මුහුරත් උත්සවයට ගිය හැටි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය, තරුණ රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා සිය මීළඟ චිත්‍රපටය 'ආදිරන්' වෙනුවෙන් සූදානම් වන්නීය.

දෙමළ භාෂාවෙන් නිර්මාණය වන චිත්‍රපටයක් වන 'ආදිරන්'හි කටයුතුවල ආරම්භය සනිටුහන් කරන පූජාවක් පසුගියදා බම්බලපිටිය මාණික්ක විනයාගර් කෝවිලේදී පැවැත්විණි.
දිනේශ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන, ඒඩ්‍රියන් ප්‍රඩක්ෂන්ස් විසින් නිෂ්පාදන දායකත්වය දෙනු ලබන චිත්‍රපටයේ සිනමාකරණය සඳහා PSN පවන් දායකත්වය දක්වන අතර ඉන්දීය සිනමා කර්මාන්තයද සමග කටයුතු කරන ජෙනෝසන් රාජේස්වර් දෙබස් නිර්මාණයෙන් දායකත්වය දක්වයි.
ශ්‍රී ලාංකේය සිනමාව සාධනීය ලක්ෂණ ගණනාවක් මේ වන විට පෙන්නුම් කරමින් පවතින බවට 'ආදිරන්'ද එක් උදාහරණයක් ලෙස පෙනෙන්නට තිබේ.
මිෂෙල් එම අවස්ථාවට සහභාගි වූ දිනය සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.

Back to top
Go to bottom

Popular News