lan englan tam

පුවත්

මේ වෙද්දි ලංකාවේ දක්ෂම නළුනිළියන් කවුද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලංකාවේ මේ ඉන්න රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් දක්ෂයින්ය..
මේ ෆොටෝස්වල ඉන්නේ මේ වන විට ලංකාවේ වේදිකාවේ, ටෙලිනාට්‍ය තුළ සහ සිනමාවේ රඟපාන, මෑත කාලයේ ප්‍රේක්ෂක රසවින්දනය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් රංගනයන් ඉදිරිපත් කළ තරුණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් .
මේ පින්තුර අතර නැති අනිත් තරුණ ශිල්පීන් කිසිවිටකත් අදක්ෂයින් නොවේ.
මෙහි මා තෝරාගත්තේ එක් පරම්පරාවක් පමණය.


සම්පත් ජයවීර, දසුන් පතිරණ, සජිත ඇන්තනි, උමාලි තිලකරත්න, සමනලී ෆොන්සේකා ආදීන්ගෙන් පසු පරම්පරාවයි. ඉහත නම් සඳහන් අයගේ දක්ෂතා හැකියාවන් අගයමි. මාගේ කැමති අයයි. තවත් ඒ පරම්පරාවේ අය සිටිත්... පහත නම් සඳහන් කරනු ලබන අය මා තෝරාගත්තේ මගේ රුචිකත්වය අනුවය.
රන්දික ගුණතිලක
පූජන දන්දෙණිය
ප්‍රදීප් රාමවික්‍රම
ෂේවියර් කණිෂ්ක
අකලංක ප්‍රභාෂ්වර
චතුර රාජපක්ෂ
සමන්ත පරණගමගේ
කුසල් මධුරංග
මන්රුචි සිරිවර්ධන
ප්‍රසන්න දැකුම්පිටිය
තීක්ෂණ ශ්‍රී විජේසිංහ
උමා අසේනි
තිලක්ශනී රත්නායක
රෙබෙකා දිල්රුක්ෂි
මිෂෙල් දිල්හාරා
කසුනි කාවින්දි
ගම්‍යා විජයදාස
මාධවී වත්සලා
ධනුෂි දිසානායක
චමත්කා
සහ තවත් පිරිස් වෙති. මෙයින් රංගන ශිල්පිනියන් බොහොමයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඇති අයවලුන් වන අතරම රංගනය සිය වෘත්තීය ලෙස පවත්වාගෙන යන්නවුන්ය. මෙම රංගන ශිල්පිනියන් බහුතරයක් වෙදිකාවෙන්ද සිය රංගන කුසලතාවන් ඔප්නංවාගෙන තිබේ. ඔවුන්ගේ රංගන කුශලතාවන් විදහා පෑමට තව බොහෝ ඉඩ තිබේ. අවශ්‍ය වන්නේ චරිත ලැබීමය.
රංගන ශිල්පීන්ද අතිශය දක්ෂය.
ශෙහාන් දීමන්ත අනෙක් පිරිස අතරට මා ගෙනාවේ ඔහුට රංගනය තුළ ඉදිරියක් මෙන්ම දක්ෂතාව ගොඩ නගා ගත හැකි යැයි දැනෙන නිසාය.
අපේ නළුවන් ප්‍රතිභාපුර්ණය. හොලිවුඩයේ බොලිවුඩයේ චරිතාංග නළුවන් නිළියන් හා කරට කර සම කළ හැක. ලෝකය තුළ ඔවුන්ටද අනන්‍යතා ඇත. ඔවුන් තුළ ඇති නූතන චින්තන වපසරියත්, ඕනෑම චරිතයකට ආවේශ වීමේ ඥානය සහ අවබෝධ කරගැනීමේ බුද්ධියද හැදෑරීමද තිබේ.
මේ සියලු දෙනා සිනමාවේද නිසැකවම තම අනන්‍යතා තබනු නිසැකය.
රංගනය හැදෑරීමකි. මුණගැසෙන සෑම අයෙක්ම හෙට මේ දක්ෂයින් විසින් ප්‍රතිනිර්මාණය කරනු ඇත.
සුබ පතමි. අගයමි!!

මනෝහාරි හේවාවසම්

Back to top
Go to bottom

Popular News