lan englan tam

පුවත්

පරිපාලන සේවයේ විශිෂ්ටයෙකු වූ අපෙන් සමුගත් රංගවේදියා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මෙරට කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම වරක් උතුරු-නැගෙනහිර ආණ්ඩුකාර ධුරයද දැරූ ලයනල් ප්‍රනාන්දු ඊයේ (06) අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා 2024.07.08 දින උදෑසන 9.30 සිට ජයරත්න Restpect Homeහි විවෘතව ඇත.

ඔහුගේ ආදාහන කටයුතු 2024.07.08 දින සවස 5.30ට බොරැල්ල සුසාන භූමියේ නව ආදාහනාගාරයේදී පැවැත්වේ.

ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහගේ ආදරණීය සහකරු වූ ලයනල් ප්‍රනාන්දු, රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දු සහ ශාමලිකා යන දියනියන්ගේ පියාණන් වන අතර නාට්‍යවේදී චන්දන අලුත්ගේගේ මාමණ්ඩිය ද වේ.
ලයනල් ප්‍රනාන්දු විශිෂ්ට රංගන ශිල්පියෙකු වූ අතර මහගෙදර, තිලක හා තිලකා, පරසතුරෝ වැනි සිනමාපටවලටද රංගනයෙන් දායක විය. ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මුල් නිෂ්පාදනයේ වැදි දෙටු ලෙසද රංගනයෙන් දායක වූ අයෙකි.
උතුරු-නැගෙනහිර ගැටුම් ආරම්භ වීමේ මුල් කාලයේ යාපනයේ දිසාපතිවරයා ලෙස කටයුතු කළ ලයනල් ප්‍රනාන්දුගේ විචක්ෂණභාවය අදටත් ඉතා ප්‍රකට හා ගෞරවනීය ලෙස සලකයි.
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරද ඔහු සම්බන්ධයෙන් මෑතකදී කෘතියක් ලියා පළ කළේය.

 

Back to top
Go to bottom

Popular News