lan englan tam

පුවත්

රන්දික ගුණතිලක ගැන Fake Article එකක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය රංගන ශිල්පී රන්දික ගුණතිලක තමන් පිළිබඳව පළ වූ අසත්‍ය විශේෂාංගයක් පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

රන්දික ඉන් කියා ඇත්තේ කිසිවෙකු කියන දෙයක් වගකීමෙන් කිව යුතු බව තමන් විශ්වාස කරන බවත් අදාළ විශේෂාංගය ගැන වගකීමක් තමන් නොගන්නා බවත්ය.
මෑතකදී වෙළඳපොළට නිකුත් කළ ජාතික පුවත්පතක විශේෂාංග අතිරේකයක රන්දික ගැන මෙම විශේෂාංගය පළ කර තිබුණේ ඔහු එම අතිරේකයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් හැටියටය.
ඒ ගැන රන්දිකගේ සටහන මෙසේය.

වෘත්තීය රංගන ශිල්පියෙකු ලෙසත් සාමන්‍ය මනුස්සයෙක් විදියටත් තමන් කතාකරන දේවල් පිළිබද වගකීම තමා සතු බව මම දැඩිව විස්වාස කරන කෙනෙක්. ඒ නිසාම වගකීම ගත නොහැකි කිසිම දෙයක් කතා නොකර ඉන්න මම වගබලා ගන්නවා වගේම තමන් කතා කරන හැමදෙයක්ම සිහියෙන් සහ අවබෝදයෙන් කතා කරයුතුයි කියලා හිතනවා.

මේ ගැන කියන්න සිද්ද වුණේ සිදුවුණ අපහසුතාවක් නිසා.paper artical එකක් ඇතුලේ "කලාකරුවෙක්ගෙ මොනවහරි දෙයක් ලියනවා"කියලා හිතන සමහර මාධ්‍යවේදීන් නැති කරලා දාන්නේ ඔවුනේ , මගේ වෘත්තීය ගෞරවය විතරක් නෙමෙයි.ආදරණීය ප්‍රේක්ෂකයො අපි ගැන තියල තියන විස්වාසය.ඒ නිසා මගේ දැනුවත් වීමකින් තොරව පල කරන මේ ආර්ටිකල් එකේ වගකීම මම භාර නොගන්න බව කියන්න ඕනේ.

"Genuine journalism is expensive" කියන කාරණාව තේරුම් ගැනීම ඉතාම වැදගත්.තමනේ වෘත්තීයට අවංක වීම තමන්ට වගේම තව ගොඩක් දෙනෙක්ට බලපාන දෙයක්.ජනමාධ්‍ය කියන්නේ කලාවේ කොටසක්.එය වගකීම සහගත් එකක් වියයුතුයි කියන එක මගේ විස්වාසයි.

Back to top
Go to bottom

Popular News