lan englan tam

පුවත්

'කෝපි කඩේ සුවඳාට' මෙහෙම එකක් කරන්න පුළුවන්ද ඇහුවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මෙවර 'මතක පද' යූටියුබ් සංවාදයට සහභාගි වන්නේ අඛණ්ඩව රූපවාහිනියේ විකාශය වීමෙන් දකුණු ආසියාවේම ඓතිහාසික වාර්තාවකට හිමිකම් කියන'කෝපි කඩේ' ටෙලි කතා මාලාවේ සදා නොමැකෙන චරිතයකි. ඒ එහි 'සුවඳා' චරිතය හෙබවූ දමයන්ත පෙරේරාය.

සිය සංවාදය 'සුවඳා' චරිතය තරමටම සැහැල්ලුව නොගෙන කලාව, සිය ජීවිතය සහ ඒ ආශ්‍රිත අත්දැකීම් සංවාදය තුළ බෙදා ගැනීමට දමයන්ත පෙරේරා කටයුතු කරයි.
"පාසල් සමයේ මම නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කළේ. පහතරට නැටුම් කළේ. පාසල් වේදිකාවේ ඉංග්‍රීසි නාට්‍යවල රඟපෑවා. දයා අල්විස් මහතා එවකට අපේ පාසලේ ගුරුවරයක්. ඔහුගේ නාට්‍යයක රඟපෑවා. ඇත්තටම රඟපාන්නම තමයි ආසාව තිබුණේ. ඒවයින් අධ්‍යාපන කටයුතු තරමක් පසුබෑමට ලක් වුණා. ඕලෙවල් කරන කාලේ මම නර්තන ශිල්පියෙක් ලෙස තමයි හිටියේ. මගේ මූලාරම්භය එතන." දමයන්ත පෙරේරා පවසයි.
"මට චරිත කිරීමේ හැකියාව තියෙනවා කියලා මට විශ්වාසය තියෙනවා. නමුත්, ලංකාවේ අද එක චරිතයකට කොටු වුණාට පස්සේ, - කොටු වුණා නෙමෙයි, කොටු කරනවා - කොටු කළාට පස්සේ තව කෙනෙක් බය වෙනවා සුවඳගේ චරිතය කළයි කියන එකට. මම දකින්නේ අද රටේ චරිතයක් කරලා ඒ පුද්ගලයා කොටු කළාම, ඒ පුද්ගලයගේ දේවල් ගන්න අවස්ථාව නැති වෙනවා. අධ්‍යක්ෂවරයා දක්ෂ වෙන්න ඕනේ ඒ කෙනාව ගන්න. මම දකින්නේ නළුවා කියන්නේ මැටි පිඩක්." ඔහු පවසයි.
ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන 'මතක පද' සෑම සතියකම සිකුරාදා 'මතක පද' යූටියුබ් නාලිකාවේ සවස විකාශය කෙරේ.

Back to top
Go to bottom

Popular News