lan englan tam

පුවත්

Take Care සහ කොටු දැමීම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
Take Care ලාස්ට් එපිසෝඩ් එක වැඩක්ම ඤෑහ්
ටේක් කෙයා දැනට ගිය එපිසෝඩ් වලින් වැඩක්ම නැති එපිසෝඩ් එක තමයි ඊයේ ගිය එපිසෝඩ් එක කියලා මං හිතනවා.වෙන මුකුත් නෙවෙයි ඒ එපිසෝඩ් එකේ කිසි දෙයක් තේරුනේ නැහැ...තනිකර කොටුයි හරිම ඩිස්ටර්බින් විදියට දාපු කොළපාට blur කොටුයි විතරයි එපිසෝඩ් එකේ තිබුනේ..අනිත් එක සීන්ස් jump වෙනවා මීට කලින් ටෙලි නාට්යයේ නොදැකපු විදියට...
සාරංගගේ පේජ් එකේ කපපු කොටපු කොටස දාලා තියෙනවා දැක්කා..ඒකේ තියෙන විදියට ඒ දර්ශනය ටීවී එකෙයි යු ටියුබ් එකෙයි පෙන්නන්න බැරි හේතුව මොකද්ද කියලා ටේක් කෙයා ප්රේක්ෂකයෙක් විදියට මං අහන්න කැමති..ඒ වගේම ටීවී එකේ පෙන්නන්න බැරි දෙයක් තියෙනවා නම් අඩුම තරමේ ඒක යු ටියුබ් එකේවත් දාන්න බැරි හේතුවත් දැනගන්න කැමති..එතකොට ප්රේක්ෂකයන් විදියට අපි කොහොමද මේ සම්පූර්ණ නිර්මාණය රසවිඳින්නේ?.
මට නිර්මාණකරුවන්ගෙන් අහන්න තියෙන්නේ මේක ඔයාලා කරන දෙයක්ද නැත්තම් ITN නාළිකාවෙන් කරන දෙයක්ද කියලා..ඒත් මේක නිර්මාණකරුවන් විසින්ම කපනවා කොටනවා නම් මේ වගේ දර්ශන රූගත කරන්න විදියක් නැති නිසා මං හිතනවා මේක නාළිකාවෙන් කරන දෙයක් කියලා..ඒත් නිර්මාණකරුවන්ගෙන් මට අහන්න තියෙන්නේ ඇයි ඔයාලා මේ විදියට ඔයාලගේ නිර්මාණය විකෘති කරන්න දීලා බලන් ඉන්නේ කියලා...
හොඳම දේ ලංකාවේ නිවුස් වල මහා දවල් මිනීමරන ඒවා පවා ලස්සනට ⁣blur කරලා පෙන්නනවා..ඒත් මේකේ බිත්තියේ ගහලා තියෙන ෆොටෝ එකට උඩිනුත් තඩි කොළපාට ගොම ගොඩක් වගේ එකක් දාලා වහනවා💩අපි මේ නිර්මාණය මුල ඉඳලා හරි ආසාවෙන් බලනවා..ඒත් මේ විදියේ වැඩ වලින් අපිට මේ කතාව එපා කරනවා🥱
This is just my thought as a big fan of Take Care💆🏽‍♀️
ITN Sri Lanka
 
සුරංගි රාජපක්ෂ 'ටේක් කෙයා' සමූහයට පළ කළ ලිපියකි.
Back to top
Go to bottom

Popular News