lan englan tam

පුවත්

'මන්දෝදරී' කෘතිය රාවණාගේ බිසව ගැනද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හින්දු මහා කාව්‍යයක් වන රාමායණයට අනුව, ලංකාවේ රජ කළ රාවණාගේ අග බිසව වන්නේ මන්දෝදරියයි. ධර්මිශ්ඨ කාන්තාවක ලෙස රාමායණය තුළ හඳුන්වන සිය නාමය ආනුභාවසම්පන්න නමක් ලෙස හැඳින්වීම හේතුවෙන් බොහෝ දෙනෙක් එම නාමයට පමණක්ම ප්‍රියතාවය දක්වති.

යක්ෂ ගෝත්‍රික රජෙකු වූ මායාසුර හා ආකාශ අප්සරාවක් වූ හේමා මන්දෝදරීගේ මව්පියන් ලෙස හඳුන්වන අතර ඇය පුත්‍රයන් තිදෙනෙකුගේ මවක වූ බවද පවසන්නේද රාමායණයේමය.

රාවණා රජු කෙරෙහි මන්දෝදරිය තුළ වූ ප්‍රේමය පවා සීතාගේ රාමට පැවති ප්‍රේමය සමව රාමායණය තුළ ප්‍රශංසාවට ලක් වන අතර මේ ගැන මේ වන විට කුතුහලය සහිතව අවධානයට ලක් වන්නේ එළඹෙන අගෝස්තු 15 වැනිදා ජනප්‍රිය, නිර්මාණශීලී ලේඛක මොහාන් රාජ් මඩවල විසින් රචනා කරනු ලබන 'මන්දෝදරී' කෘතිය හේතුවෙනි.
බොහෝ විට ඓතිහාසික කාරණා සහ පරිසරය පාදක කොට මොහාන් විසින් නිර්මාණය කරනු ලබන කතා හේතුවෙන් ඔහුගේ පාඨකයින් බොහොමයක් අලුත් කෘතියද රාවණාගේ බිසව ගැනද යන්න අනුමාන කරයි.
සම්මානනීය ලේඛක සහ සන්නිවේදක මොහාන් රාජ් මඩවලගේ 'මන්දෝදරී' කෘතිය එළඹෙන අගෝස්තු 15 වැනිදා එළිදැක්වීමට නියමිතය.
මාගම් සෝලිය ලියා පළ කිරීමෙන් අනතුරුව ඉහළ පාඨක ප්‍රසාදයක් හිමි කරගත් ලේඛකයෙකු වන මොහාන්ගේ ආදරණීය වික්ටෝරියා, ලොවීනා, රැජින, නිල් කට් රොල්, බෝදිලිමා යන කෘතිද බෙහෙවින් ඇගයුමට ලක් වූ ඒවා වේ.
'ගෑනියෙක් ආසම පිරිමියෙක්ගෙ පපුවට. මොකද, පිරිමියෙක්ගෙ ආදරේ ගැන කියන්න පුළුවන් ඒ පපුවෙන් එන ගැස්මට කණ තිබ්බම. 'මන්දෝදරී' කෘතියෙහි සඳහන් පාඨයකි. කෘතියෙහි කුමක්ද යන්න පාඨකයින්ට වටහාගත හැක්කේ අගෝස්තු 15 වැනිදාටම පමණි.

Back to top
Go to bottom

Popular News