lan englan tam

පුවත්

TAKE CARE මිනිසුන්ට මෙච්චර බලපායි කියලා හිතුවේ නෑ....

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"මම හිතුවේ නෑ 'ටේක් කෙයාර්' මිනිස්සුන්ට මෙච්චර බලපෑමක් කරයි කියලා. සමහර අය ටේක් කෙයාර් චරිතෙට බැනලා තිබුණා. ඕනම කෙනෙක් ආදරය කරද්දි රැවටිලා තියෙනවා නැත්තම් එයා බොරු කරලා තියෙනවා...." මෙසේ පවසන්නේ ටෙලිනාට්‍යයෙන් ජනතා ප්‍රසාදය මෙන්ම රංගනයේ ඇති තාත්විකභාවය හේතුවෙන්ම විවේචනයට ලක් වූ නව පරපුරේ නිළි සචිනි දිල්හාරා ය.

තමන් විනෝදයට බර අයකු වන අතර ජීවිතයේ ඉලක්කය වී තිබුණේ වෛද්‍යවරියක් වීමට බව පැය පවසන්නේ Mirror Arts Youtube නාලිකාවේ Mirror Mirror වැඩසටහනට සහභාගි වෙමිනි.
වැඩසටහනේ පූරක දිනිත ජයරත්න සමග සංවාදයට එක් වන සචිනි, සිය ජීවිතය ගැන පවසන්නේ "පාසල් කාලය තමයි සුන්දරම කාලය. විභාග විතරයි අපිට තිබුන ප්‍රශ්නේ. මගේ ප්‍රථම ප්‍රේමය හමු වුණේ ඕලෙවෙල් කරනකොට. ඕලෙවෙල් කරන විට කරපු ආදරය නෙවෙයි ආදරය කියන්නේ කියලා පස්සේ තේරුණා." යනුවෙනි.
ඇය දක්ෂ රංගන ශිල්පිනියකි. ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානය වන්නේ සිය පළමු ටෙලිනාට්‍යය බවත් ආදරය යනු 'ඔන්' - 'ඕෆ්' කළ හැකි ස්විච් එකක් නොවන බවත් ඇය පවසන්නීය.
Mirror Mirror සංවාදය බදාදා දිනවල රාත්‍රී 07ට Mirror Artsයූටියුබ් නාලිකාවේ විකාශය කෙරේ.

Back to top
Go to bottom

Popular News