lan englan tam

පුවත්

ප්‍රධාන නිළිය තමන්ම මේක්අප් කරගත් 'රෝජා'ට වසර 32ක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මනි රත්නම්ගේ සිනමාව විශ්වයක් ලෙස හඳුන්වන්නෝ බොහෝ වෙති.

එම සිනමාවේ ඇති වේදනාව සහ සුන්දරත්වය යනු සිනමා ප්‍රේක්ෂකයා තවමත් එකම චිත්‍රපටය යළි යළි බලන්නට පොළඹවනු ලබන ක්‍රියාවලියක් වේ.
මෙම සිනමාව තුළ එක් සිනමාත්මක තාරකාවක් යැයි කිව හැකි 'රෝජා' චිත්‍රප්ටය තිරගත වී පසුගිය 15 වැනිදාට වසර 32ක් සපිරිණි.
හින්දි භාෂාව ප්‍රිය කරන ප්‍රේක්ෂකයා බෙහෙවින් මනි රත්නම් යන අධ්‍යක්ෂවරයාගේ රසිකයින් බවට පත් වූයේ 'රෝජා' හරහාය. A.R. රහුමාන් යන සංගීත තාරකාව හින්දි සිනමාව වෙත ගෙන ආ චිත්‍රපටය වන්නේද මෙම චිත්‍රපටයයි. ඒ හේතුවෙන්ම අදද සවන් පිනන ගීතාවලියක් ඇසීමට අවස්ථාව ලැබී තිබෙනවා සේම හින්දි - දෙමළ එකම තනුවට සැදුණු ගීතවලට ආදරය කරන රසිකයින් දහස් සංඛ්‍යාවක් ඒ වෙත ඇදීමද මින් සිදු විය.
'රෝජා' (රෝස මල) වර්තමානයේ මැදි වියට එළඹ තිබෙන මධූ සහ අරවින්ද් ස්වාමිගේ රූපාවලියෙන් අලංකාර වූ හැටි කිසිවෙකුට අමතක කළ නොහැකි අත්දැකීමක් වන්නේය.
මධූගේ ඇඳුම් සහ රූපලාවන්‍ය තමන් විසින්ම සිදු කර ගනු ලැබූ බවද මෙහි තිරය පිටුපස ප්‍රසිද්ධ කතාවකි.
ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ මනි රත්නම්ගේ 'රෝජා' කිසිදා පරව නොයන සිනමා කුසුමක් වන්නේය.

 

Back to top
Go to bottom

Popular News