lan englan tam

පුවත්

රාණි යළි සාර්ථක රැජිණක වූ IIFAA

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දීය සිනමා සම්මාන උළෙල අතර ජනප්‍රිය සම්මාන උළෙලලක් වන 24 වැනි අයිෆා (IIFAA) ජාත්‍යන්තර ඉන්දීය සිනමා සම්මාන උළෙල (International Indian Film Academy Awards) පසුගියදා අබුදාබිහිදී පැවැත්විණි.

සෑම වසරකම ඉන්දියාවෙන් පිටත විදේශයක පැවැත්වෙන සම්මාන උළෙලේ මෙවර හොඳම නළුවා සම්මානය දිනා ගනු ලැබුවේ 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙන් ෂාරුක් ඛාන් වන අතර 'Mrs. Chatterjee Vs Norway'හි රඟපෑ නිළි රාණි මුඛර්ජී හොඳම නිළිය වූවාය.
අලුත් නළු නිළියන් සමග කරට කර චරිතාංග රංගනයක යෙදීමේ රාණිගේ සහ ෂාරුක්ගේ කුසලතාව සම්බන්ධයෙන් මෙහිදී බෙහෙවින් ඇගයුමට ලක් කෙරුණු අතර ඔවුන් දෙදෙනාගේ තවමත් කල් පවත්නා මිත්‍රත්වය දෙසද එහිදී අවධානය යොමු වී තිබිණි.
තෙලිඟු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සන්දීප් රෙඩ්ඩි වංගාගේ හින්දි සිනමා ආගමනයේ පළමු චිත්‍රපටය වූ 'Animal' - හොඳම චිත්‍රපටය ලෙසත් '12th Fail' අධ්‍යක්ෂක විදු විනෝද් චොප්රා හොඳම අධ්‍යක්ෂවරයා ලෙසත් සම්මාන දිනා ගනු ලැබීය.
අයිශ්වර්යා රායිගේ සතුටුදායක පෙනුමත් ප්‍රවීණ නිළි රේඛා සහ අනන්‍යා පාණ්ඩේ ඉදිරිපත් කළ නර්තනාංගත් මෙහිදී ඉන්දීය මාධ්‍යයේ විශේෂ අවධානයට ලක් වී තිබිණි.
රාණි මුඛර්ජීගේ සිනමා ආගමනයේ සිට ඇයගේ රංගන හැකියාවේ විශිෂ්ටත්වය තුළ තවමත් රාණි බොලිවුඩයේ සාර්ථක රැජිණක වන බවත් ඇගේ නම තුළම එම අර්ථය ගැබ් වී ඇති බවත් ඇය සිය චිත්‍රපටය තුළ කළ රංගනයෙන් මෙවර සම්මාන උළෙලේදී සනාථ කිරීමට සමත් වූවාය.

Back to top
Go to bottom

Popular News