lan englan tam

පුවත්

මොරටුවේ කිතුණු ජීවන විලාසය කියන නවකතාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රිලානි ප්‍රනාන්දුගේ පිටු 1006ක් පුරා දිවෙන අතිශය නවකතාව වන 'මම වූයෙමි... මම වෙමි... මම වන්නෙමි...' කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විදර්ශන ප්‍රකාශන කුටියේදී මිලට ගැනීමේ අවස්ථාව සලසා තිබේ.

ඩයානා ගැබල්ඩොන්ගේ 'අවුට්ලෑන්ඩර්' නම් ජනප්‍රිය නවකතාවෙහි ආඛ්‍යාන වින්‍යාසය, එහි කාලාවතරණ ආකෘතිය, යටත්විජිත විරෝධී තේමාව අන්තර්පඨිතමය ලෙස ඇසුරු කරගනිමින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිංහල ජන විඥානය නිර්මාණය කළ ඓතිහාසික විවිධත්වය සහිතව මෙම කෘතිය සකස් කර තිබේ.
ස්ත්‍රියකගේ එදිනෙදා අත්දැකීම් ඇසුරින් ප්‍රතිනිර්මාණය කරමින් සාමාන්‍යයෙන් සාහිත්‍ය නිර්මාණවලට විෂය නොවන මොරටුවේ කිතුණු ප්‍රජාවගේ ජීවන විලාසයන් සහ ඉතිහාසය රසවත් සහ ඓතිහාසකරණය කරන ලද ආඛ්‍යානයක් ලෙස, සාමාන්‍යයෙන් වීර කතාවල මැකී යන ස්ත්‍රීන්ගේ ශාරීරික අත්දැකීම්, ශෲංගාරය, නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කරමින් කෘතිය ඉදිරිපත් කෙරෙන බව ලේඛිකාව පවසන්නීය.
යටත්විජිතවාදය විසින් ඒකමානීය ලෙස කියවනු ලබන ලාංකේය බහු කුල, බහු සංස්කෘතික, බහු ආගමික විවිධත්වය ජනප්‍රිය නවකතා ශෛලියකින් ඉදිරිපත් කිරීම පිළිබඳව කෘතිය ඇගයුමට ලක් වී තිබේ.

Back to top
Go to bottom

Popular News