lan englan tam

පුවත්

පොත් ප්‍රදර්ශනයේ අවසන් දින 'ඕලු පිපීලා'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024ට සමගාමීව ප්‍රදර්ශනය අවසන් වන දින එනම්, ඔක්තෝබර් 06 වැනිදා සවස 03 සිට පුරා පැය දෙකක් "ඕලු පිපීලා ප්‍රසංගය" පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව සුනිල් ශාන්ත සමාජය පවසයි.

සුනිල් සාන්ත සමාජයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් හැටියට පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණෙන සියලු දෙනාටම එම අවස්ථාවට නොමිලේ සහභාගි වීමේ හැකියාව ඇත.
ඒ සඳහා වන පෙර පුහුණුවීම් වීඩියෝවක්ද සුනිල් ශාන්ත සමාජය විසින් නිකුත් කරනු ලැබ ඇති අතර ලාංකේය නව සිංහල සංගීතයේ පියා, ගුරුදෙවි සුනිල් සාන්තයන් රටට දායාද කළ මහා සංගීතය රස විඳින්නට පැමිණෙන්නැයි සුනිල් සාන්ත සමාජය ආරාධනා කරයි.

Back to top
Go to bottom

Popular News