lan englan tam

පුවත්

ප්‍රභූන් ගැන විතරක් ලිව්ව ඉතිහාසය ගැන කියන කුසුම්සිරි විජේවර්ධන

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රජකු හෝ රැජිනක කෙතරම් බලපරාක්‍රමයෙන් වැජඹුණ ද ඔවුන් කිසිවකු නොසිතූ මොහොතක ඒ බලපරාක්‍රමය සුනුවිසනු විය හැකි ය; එසේ සිදුවීම හෝ සිදුකිරීම සඳහා තමා සමීපයේ ම සිටි මැති ඇමතිවරුන්ගේ කෛරාටික කුමන්ත්‍රණ වුව ද ඉවහල් විය හැකි ය.

එවන් අවස්ථාවල දී සිය රාජ්‍ය බලය රැක ගැනීම උදෙසා අදාළ රජුට හෝ රැජිනට තම සිතට එකඟ නොවන තීරණ වුව ද ගැනීමට සිදුවේ; අතීතයේ මෙන් ම වර්තමානයේ ද එබඳු අවස්ථා පැමිණ තිබේ; අනාගතයේ ද පැමිණිය නොහැකි යැයි විශ්වාස කළ නොහැකි ය.

තවත් පසෙකින් ගත් විට පුරාණයේ රාජ්‍ය බලය හෙබවූයේ ද වර්තමානයේ රාජ්‍ය බලය හොබවන්නේ ද බොහෝ විට ප්‍රභූ පෙළැන්තිය යි. නිර්ප්‍රභූ පෙළැන්තියක පුද්ගලයකු කිසියම් ආකාරයකින් රාජ්‍ය බලය ලබාගත්ත ද ඔහුට හෝ ඇයට එය පවත්වාගෙ යෑම සඳහා ප්‍රභූන්ගේ සහයෝගය ඇවැසි ම ය. එසේ නොවුන හොත් තම රාජ්‍ය බලය ගිලිහෙන්නේ තමන් ද නොදැනුවත්ව ය.

මෙහි අනෙක් පාර්ශ්වය වන්නේ කිසියම් ආකාරයකින් නිර්ප්‍රභූ පෙළැන්තියේ පුද්ගලයකු කුමන හෝ ආකාරයකින් රාජ්‍යයේ ඉහළ නිලතල දරන තත්ත්වයට පත්වුවහොත් ප්‍රභූ පෙළැන්තිය ඊට එරෙහිව නිර්දය කුමන්ත්‍රණවල නියැළීම ය; එම කුමන්ත්‍රණවලින් තම සතුරා යැයි ඔවුන් විසින් ම නිගමනය කරනු ලබන නිරුප්‍රභූ රාජ්‍ය බලධරයා පලවා හැරීම ය; ඇතැම් විට එය ඝාතනයකින් වුව ද කෙළවර විය හැකි ය.

කුසුම්සිරි විජේවර්ධන විසින් ප්‍රබන්ධිත ‘‘මුලාචාරියා’’ කෘතිය තුළ විදාරණය වන්නේ ද යට කී ආකාරයේ සිදුවීම් මාලාවකි.

මතු පළ වන විඩියෝවෙන් දැක්වෙන්නේ කුසුමසිරි විජේවර්ධන ඔහුගේ නවතම ප්‍රබන්ධය වන මූලාචාරී කෘතිය පිළිබඳ The Leader TV ඉදිරිපත් කරන ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග කළ සාහිත්‍ය කතිකාව ය.

සටහන - ජයසිරි අලවත්ත

Back to top
Go to bottom

Popular News