lan englan tam

පුවත්

දින අර්ධ ශතකය සපුරන 'සිහින නෙළුම් මල්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කළ සිය දෙවන සිනමා නිර්මාණය වූ "සිහින නෙළුම් මල්" චිත්‍රපටයේ සාර්ථක 50 වන දින සැමරුම පසුගියදා පී.වී.ආර්. සිනමා ශාලා පරිශ්‍රයේදි චාම් ලෙසින් පැවැත්විණ.

එම අවස්ථාවට චිත්‍රපටයේ රඟ පෑ රංගන ශිල්පීන් රැසක් එක් වූහ. විවාහක යොවුන් පරපුර අතර නිරන්තරයෙන් මතු වන, පවුල් සංස්ථාව දෙදරා යාමට පවා ඉවහල් විය හැකි කාලීන ගැටළුවක් පිළිබඳව සිනමාරූපී ලෙසින් තිරයට පිවිසි චිත්‍රපටයකි මෙය.
මෙහි රංගනයෙන් හේමාල් රණසිංහ, දුෂේනි සිල්වා, උමාලි තිලකරත්න, වීනා ජයකොඩි, ශ්‍රියාණි අමරසේන, කළන ගුණසේකර, මයුර කාංචන, ප්‍රියන්ත සෙනෙවිරත්න, දයාදේව එදිරිසිංහ වැනි ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් එක් වූහ.
මිලින්ද තෙන්නකෝන්ගේ මියුරු සත්සර ස්වර රටාවන්ගෙන් අලංකාර වූ "සිහින නෙළුම් මල්" වරුණ අරඹගේ නිෂ්පාදනයකි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
ඡායාරූප - පසිඳු දිල්ශාන් වේරගොඩ.

Back to top
Go to bottom

Popular News