ඩොනල්ඩ් ජයන්ත යනු ශ්රී ලංකාවේ බොහෝ චිත්රපට සඳහා සහාය අධ්යක්ෂණයෙන් දායක වෙමින් ඒවා සාර්ථක වීමට කටයුතු කළ මෙන්ම බොහෝ තාරකා ක්ෂේත්රය සඳහා පැමිණීමට දොරඟුරු විවර කරන චිත්රපට අධ්යක්ෂවරයකු ලෙස ප්රසිද්ධය.
කෙසේනමුත්, තමන් කලකීරී ඇති බවට සංඥා දෙන සඳහනක් ඔහු අද (02) දිනයේ ඔහුගේ සමාජ ජාල ගිණුමක පළ කර තිබිණි.
එහි සඳහන්ව තිබුණේ "පොරවල් වෙනකොට උන්ට මතක නෑ.. දොරවල් ඇරල දුන්නේ අපි කියලා.." යනුවෙනි.
ඔහුගේ මෙම සඳහනට කලාකරුවන් වන නොවන බොහෝ පාර්ශ්ව අදහස් දක්වා තිබූ අතර ඩොනල්ඩ් එහිදී තමන් සඳහන් කරන්නේ කවරෙකු පිළිබඳවද යන්න සඳහන් කර තිබුණේ නැත.
කෙසේනමුත්, තමන් තුළ එම මොහොතේ වූ හැඟීම ඩොඅනල්ඩ් විසින් සන්නිවේදනය කරනු ලැබ තිබිණි.
ඔහුගේ එම සඳහනට කලා ක්ෂේත්රයේ ඇතැමෙකුද තමන්ටද එසේ එවැනි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ බව හෙළි කර තිබිණි.