දෙරණ - ලක්ස් සිනමා සම්මාන 2024 ඊයේ (06) පැවති සම්මාන රාත්රියේදී පසුගිය වසරේ අප අතරින් සමුගත් ජ්‍යෙෂ්ඨ රංගධර ජැක්සන් ඇන්තනී මහතා සම්මානයට පාත්‍ර විය.
ඒ ඔහුගේ අවසානයට තිරගත වූ සිනමාපට අතරින් එකක් වන 'දඩ ඉම' චිත්‍රපටයේ ප්රතිගාමී චරිතය (Negative) රඟපෑම වෙනුවෙනි.
එම උළෙලේදීම ඔහුගේ බාල පුතණුවන් වන ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සජිත අනුත්තරද වසරේ ජනප්‍රියම නළුවා සහ ගාඩි චිත්‍රපටයේ රඟපෑම සඳහා හොඳම නළුවා බවට පත් වූයේ එකම වේදිකාවක පිය - පුතු දෙදෙනා සම්මාන ලබන අවස්ථාවලින් දුරලභ අවස්ථාවක් ඊයේ දිනයේ සනිටුහන් කරමිනි. හොඳම සහ ජනප්‍රියම නළුවා සම්මාන ලබා ගැනීමද නළුවෙකු ලෙස සජිතගේ සම්මානනීය ජීවිතයේ වැදගත්ම අවස්ථාවකි.
ජැක්සන් - සජිත මෙන්ම බොහෝ විට ඔහුගේ පවුලේ සියලු දෙනා ශ්‍රී ලංකාවේ කලා කටයුතුවලදී ඡායාරූප ගැනීම සෑම විටම සිදු වූ අතර ඒවා සෑම විටම ආකර්ෂණීය විය.
රංගන ශිල්පීන් වන ජැක්සන් - සජිත දෙදෙනාගේ උත්කර්ෂවත් අවස්ථාවක ඔවුන්ට සම්මානනීය මොහොතක එක්ව මතක සටහනක් සලකුණු කළ නොහැකි වීම එක් අතකින් මාධ්‍යයටද සංවේගය දනවන සිදුවීමකි.
ඒ ඔවුන්ගේ සමූහ ඡායාරූපවලින් බොහෝ මාධ්‍යයට පවා අවධානයක් හිමි වීම නිසාය. ජැක්සන්ගේ සිනහමුසු සාඩම්බර මුහුණ නොමැති අඩුව මාධ්‍යයටද දැනෙන නිසාය. එවැනි රංගධරයෙකු අප අතර නොමැති බව සජිතට මෙන්ම කලා ක්ෂේත්රයටම මෙවන් මොහොතක දැනෙන නිසාය.