'ලලයි ලිලයි ලයි' අදින් අවසන් වූ කාලාන්තරයක් තිස්සෙ සතියේ දවස්පහේම විකාශනය උනු ටෙලියක්...හොද නළු නිලි කැලක් සමග කරපු ටෙලියක්..මහා විචාර ලිවුවේ නැති උනාට බොහෝ රසික පිරිසක් ඇදබැදගත් ටෙලියක්..කතාව සරලයි ප්රාසාංගිකයි ..කාර්ය බහුල ජීවිතයේ හවසට ඇවිත් ටිකක් විනෝදයෙන් සහ සතුටින් බලන්න පුළුවන් ටෙලිත් තියෙන්න ඕනි. ප්රේක්ෂකයින් විවිධයි විවිධ රුචි අරුචිකම් ඇත්තන් සිටින බැවින් ඒ හැමෝටම ටෙලි නිර්මාණය වෙන්නත් ඕනි..මම හිතන විදිහට ලලයි ලිලයි ලයි ටෙලියට ලොකු රසික පිරිසක් හිටියා...මෙහි තේමා ගීතය විටෙක වයිරල් වෙන තරමටම DJ ගහන තත්වයකටම ආවා...
මට මේ ටෙලියේ රන්දිකගේ රංගනය ඉතා විශේෂයි ඒ මොහුට තිබෙන දෙබස් එක දිගට මතක තබාගෙන කරන්න තියෙන දේවල් නිසා ඒ දෙබස් මතක තබා ගන්නෙ කෙසේද යන්න මට විටෙක සිතේ..එය එතරම්ම පහසු කටයුත්තක් නොවන බව මම අත්දැකීමෙන් දනිමි.. ඔහුගේ රංගනය අතිවිශ්ඨය..
මෙහි රංගනයෙන් දායක වූවන් ඔවුන්ගෙ කාර්ය මනාව සිදු කල අතර එහිදි Semini Iddamalgoda Uma Aseni Dulan Manjula Liyanage Manruchi Siriwardhana Theekshana Sri Wijesinghe
ඔබලාගේ රංගනයෙන් ප්රේක්ෂකයින් අමානන්දනයට පත් කල බව කිව යුතුය..මෙහි නම් සදහන් නොකල අනෙකුත් රංගන ශිල්පීන්ද මෙයට අතිශය සාධාරණයක් ඉෂ්ථ කලහ.
මා මිත්ර Supun Rathnayaka ඔබ මෙයට දිවා රාත්රි කැපවී සිටි බව දැක්කෙමි සහ දනිමි..ඔබගේ කැපවීමේ ප්රතිපලය සාර්ථකය...ඔබ එය ජයගෙන ඇත..නමුදු මටද කිව යුතු දෙයක් ඇත..අවසානයේ සෝමපාලව මරපු සීන් එකට ජෙමිනිට දඩුවම් නොදුන් එක එතරම් තාත්වික නැත.වරදක් කලවිට එයට දඩුවමක්ද ලබාදිය යුතුවේ.අවසානයේදි ජෙමිනිට දඩුවමක් දුන්නේනම් ප්රේක්ෂකයෙක් ලෙස මම කැමතිය...
ලලයි ලිලයි ලයි කණ්ඩායමට සුබ පතමි....
සුපුන් අප මෙය සැමරිය යුතුය...
අමල් අත්තනායක