lan englan tam

විඩියෝ ගැලරිය

අමරදේවයන් ගයන 'සුදෝ මම ආදරෙයි'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
මුහුණු පොතේ පණ්ඩිත් අමරදේවයන් ගයන " සුදෝ මම ආදරෙයි " ගීතය ශෙයාර් වෙනවා දැකලා අහන්න හිතුණා.ඒක වෙනම රහක්.
හැබැයි ගොඩක් අය හිතන්නෙ නැහැ
අමරදේවයන්ගෙ හඬින් ගැයුණු ගීතයත් " මයුරිගේ කතාව " චිත්රපටයේ අඩංගුයි කියලා.මොකද අතිශය ජනාදරයට පාත්රවුණේ සුජාතා අත්තනායක මහත්මිය ගැයූ ගීතය නිසා.හැබැයි මේ ගීතය අමරදේවයන් ගයද්දි වචනවල පොඩි වෙනස්කම් වෙලා තියෙනවා.
අපේ සිංහල සිනමා වංශකතාවෙ ඒ වගේ අවස්ථා කිහිපයක්ම තියෙනවා.එකම ගීතය දෙදෙනකු ගායනා කළ.
" බක්මහ දීගෙ " චිත්රපටයේ එන " කන්ද උඩින් හඳ පායන ලීලා.." ගීතය අපට හුරු අමිතා වැදිසිංහ මහත්මියගෙ හඬින් වුණත් චිත්රපටයේ ඒ ගීතය ආචාර්ය වික්ටර් රත්නායකත් ගායනා කරනවා වගේ මතකයක් තියෙනවා.
ඒ වගේම " සහරාවේ සිහිනය" චිත්රපටයේ " වළාකුළක් ගෙන " ගීතය අවස්ථා දෙකකදි සුනිල් එදිරිසිංහයන් හා විජය කුමාරතුංග ගායනා කරනවා.
" සප්ත කන්යා " චිත්රපටයේ "දූවිල්ලෙන් වත්සුනු තවරා " ගීතය ධම්මිකා වල්පොළ වගේම මොරිස් විජේසිංහත් ගයනවා.
ඇත්තටම මේවා හරි සොඳුරු තැන්.
 
ගායනය - W.D. අමරදේව
සංගීතය - ලයනල් අල්ගම
පද - ගාමිණී ෆොන්සේකා
චිත්‍රපටය - මයුරිගේ කතාව (1980)

Back to top
Go to bottom

Popular News