lan englan tam

විඩියෝ ගැලරිය

Previous Next

රවි ශන්කර් දියනි අනෞශ්කා Grammy නිර්දේශ වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලෝකයේ කීර්තිමත් සංගීතවේදියෙකු වන මහා ගාන්ධර්ව රවී ශන්කර්ගේ දියනියක වන අනෞශ්කා ශන්කර් මෙවර Grammy සම්මාන උලෙළේ හොඳම සංගීත පටිගත කිරීම වෙනුවෙන් සම්මානයට නිර්දේශ වී සිටින්නීය.

අනෞශ්කා යනු රවී ශන්කර්ගේ ඉන්දීය සම්භවය ඇති බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ජාතික දියනියන් දෙදෙනාගෙන් ඉන්දීය සම්භවය ඇති බ්‍රිතාන්‍ය දියනිය වන්නීය. ඔහුගේ අනෙකුත් දියනිය එනම්, අනෞශ්කාගේ සහෝදරිය වන්නී නෝරා ජෝනස්ය.
අනෞශ්කා ගැන කියන විට නෝරා ගැන අවධානයද නිතැතින්ම එන්නේ නෝරා යනු හොලිවුඩය ජය ගත් සේම සිය පියාද අභිබවා ඇමරිකාවේ ඉහළම ඇකඩමි සම්මාන දිනූ සංගීත හා ගායන පෞරුෂයක් වීම හේතුවෙනි. එසේම සිය පියාගේ ජානමය සම්බන්ධය හැරෙන්නට ඔහුගේ අත දීමකින් තොරව සංගීත ලෝකයේ ජය අත්පත් කරගත් තැනැත්තියක වීම නිසාය. ඇය සිය පියාගේ සම්භවයෙන් සහ පාරම්පරිකවද ලැබූ නම වන ගීතාලි නෝරා ජෝන්ස් ශන්කර් නාමයද භාවිතයෙන් ඉවත් කරමින් සිය කෞෂල්‍යය ඉදිරිපත් කිරීම අනෙක් විශේෂත්වයයි. අනෞශ්කාට ශුබෝ ශන්කර් නමැති තවත් (අඩක්) ඉන්දීය සංගීතඥයකු වන සහෝදරයකුද සිටී.
මේ අය අතරින් අනෞශ්කාද සිය පිය ජානමය බැඳීම අනුව නෝරාගේ විභවය සහිත සංගීත ශිල්පිනියක ලෙස දක්ෂකම් පෙන්වන්නියකි. අනෞශ්කාගේ මෙම Grammy නාම යෝජනාවට හේතු වූ නිර්මාණය ඇය නම් කර තිබුණේ 'මගේ වටිනා සහ මෑතකදී උපන් දරුවා' යනුවෙනි. ඇය සිය නිර්මාණයට දක්වන ආදරය අනෞශ්කාගේ වදන් තුළ එසේ ගැබ් වී තිබේ.
අනෞශ්කා ඇගේ Ch II: How Dark it is Before Dawn සංගීත ඇල්බමය වෙනුවෙන් මෙම නාම යෝජනාවට හිමිකම් ලබා තිබෙන අතර ඉන්දීය පෙරදිග භාණ්ඩද සහිත එහි සංගීත සම්මිශ්‍රණය සවන් පිනවන බව නම් සත්‍යයකි.

මෙය ඉන්දියානුවන්ද බෙහෙවින් අමන්දානන්දයට පත් කළ සිදුවීමක් වී තිබේ.

Back to top
Go to bottom

Popular News