ප්‍රේමයට සම්මත අසම්මත බේදයක් නෑ. ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් අරඹයා ප්‍රේමණීය සිතිවිලි පහලවෙන්න පුළුවන්..එවිට ඔහු හෝ ඇය වයසින් බාලද මහළුද...යන කිසිවක් අදාල නෑ...ප්‍රේමයට සම්මත අසම්මත කමක් නැතත් ශාරිරික සම්බන්ද තාවලට..සම්මතයක් අසම්මතයක් ලෝකය..එහෙම නැත්නම් ඔබ ජීවත්වන සංකෘතිය ලබා දී තිබෙනවා. ඒ කියන්නේ ප්‍රේමයට සම්මත අසම්මත කමක් නැතත් සම්බන්ධ තාවලට සම්මත අසම්මත බෙදිල්ලක් තියෙනවා. මට හිතෙන්නෙ එහෙම.
නමුත් ඒක ඒ ඒ සංකෘතික පරිසරයට අනුව වෙනස් වෙනවා. ප්‍රංශයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයාට තමන්ට වඩා වසර 30ස් ගණනත් ඉක්මවූ පෙම්වතිය විවාහ කරගෙන ඇගේ සුරතගෙනම මැතිවරණයේ යෙදෙන්න හැකි වුනේ සංස්කෘතික උදව්වෙන්. ජයන්ත චන්ද්‍රසිරිට සමණල සංධ්නියේ කතා නායකයා පරාජිතයෙක් කරන්න මූලික වෙන්නෙත් ඔය කියන සංකෘතික කාරණයම තමයි.ඉන් කියැවෙන්නෙත් සැබෑ ජීවිතයේ කෙසේවෙතත් සිනමාවකදීවත් සංකෘතික බලපෑමෙන් නිදහස්වෙන්න බෑ.එහෙත් ප්‍රේමය සම්මත හෝ අසම්මත කියා බෙදන්නේ වෙන් කරන්නේ කෙසේද...
අපට අගේ නැති අපව බොහෝ අපේක්ෂා කරන ප්‍රේමයන් කොතෙක් මගහැරි ඇද්ද...? ජීවිතයේ එසේ සිතද්දී පසුතැවිල්ලක් එන අවස්තා පවා තියෙන්න හැකියි.
සසර පුරා පැමිණෙන සාංසාරික ප්‍රේමයන් අපට හමුවන්නේ බෞද්ධ සාහිත්‍ය තුලින්..ලොව ප්‍රේම නීයම පරිත්‍යාග ශීලීම පෙම්වතිය ලෙස යසෝදරාවෝ විරුදාවලි ලබන්නේ ඒ කැපවීම් නාසාමය.
" ප්‍රේමය සියල්ල උසුලයි
ප්‍රේමයෙහි විස්වාසයට ඉමක් නැත
ප්‍රේමයේ බලාපොරොත්තුවට නිමක් නැත
ඉවසීමට අගක් නැත"( 1 - කොරින්ති 13:1- 1)ඒ ප්‍රේමය ගැනම කිතුනු කියැවීමක්
ප්‍රේමය සම්බන්ධ විවිධ කියවීම් කෙසේ වේවා..විප්රයෝගය..අපේක්ෂා භංගත්වය ප්‍රේමයේදී කඳුළට අගක් නැති..ඉවසන්ට තැනක් නොපෙනෙන තරම් අඳුරු රිදුම්දෙන වේදනාකාරී එකක්මය
.ඒ නිසාම වෙන්න ඇති.." තරුමල් යායම පොඩිකර ඉරහඳ මිරිකා දියකර අඳුරේ සිටිවග කපුගේ ගායනාකලේ
ප්‍රේමය වියෝව ගැන...අහිමිවීම් දැන දැනම සිටින මොහොතක ගැයෙන ගීයක් ගැන ඔබේ අවදානය යොමු කරන්නයි මේ සූදානම.. ඒ ජයන්ත චන්ද්‍රසිරිනම් විවිධ ප්‍රතිභාවන් පූර්ණ මිනිසා...කවියෙකු ගීපද රචකයෙකු ලෙස සමණල සංධ්නියටම ලියූ ශම්මිකා අමානි ගැයූ "මගෙ සිහින මැදුරේ " ගීතයයි.
"මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේනම්
රැගෙන යන්න ඒවා..
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ
අන්ධ අහස සේ"
මේ පෙම්වතියගේ වේදනාබර සිතැඟි ජයන්ත චන්ද්‍රසිරි අපූරුවට ලියා ඇතියුරු බලන්න.
ඔව්...මට සිහින මන්දිරයක්ම තිබෙනවා..ඉතා පිරිසිදු වටිනා සිහින..සිහින පැලක් නොවේ සිහින මැදුරක්...සියල්ල සපිරි සිහින.. කිසිවක් නොඅඩු සිහින..ඒ මගේ සිහින මැදුරේ තිබෙනවා..
ඒ විසල් සිහින අතර ඔව්...ඔබේ සිහින තිබේනවානම්...ඒවා රැගෙන යන්න..
ඇත්තෙන්ම ඒ සිහින ඔබ සහිත සිහිනමය.ඔබ හා එක්ව ඔබේ ප්‍රේමයෙන් මත්ව සුන්දරව ගොඩනැගුණු සිහින...
ඉතින් ඔබේ සිහින වේනම්...ඒවා අරං යන්න.දොසක් ආයේ නොතබාම අරං යන්න.. අන්ධ අහසක් වගේ..සියල්ලට උඩින් හිරු සඳු තරු සහිතව මගේ ලොව ඒකාලොක කරමින් සුන්දර කරන්නට සිටි අහස නුඹ...ඔව් නුඹ...අන්ධ අහසක් සේ..හිරු සඳු තරු නිවුන අන්ද අහසක් සේ...ඔබේ සිහින රැගෙන යන්න..
මට සිටි එකම ආලෝකය..ඔව්..ඔබ අන්ධ අහසක් සේ ඔබේ සිහින රැගෙන යන්න.වේදනාබර අඳුර මට තියා...ඔබ ඔබේ සිහින රැගෙන යන්න.
"පමාවී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළාගනු බෑ
සිහින් පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ
සුමුදු පෙති සිඹිනු බෑ"
ඇයි ඔබට නොවැටහෙන්නේ...මේ තුරුණු වසන්තය අපට බව..මේ හුදකලා යෞවනය සදාකාලික නොවන බව..ඇයි ඔබට නොවැටහෙන්නේ...මගේ විසල් සිහින මත ඔබ කුඩා යැයි සිතන මට විසල් සිහින... මගේ පෙම්වතියේ ඔයා සුවෙන්දැයි අසන කුස පිරී ඇද්දැයි...සිත සුවෙන්දැයි..පවුලේ ප්‍රේමණීයන් සුවෙන්දැයි ඔබ විසින් විමසාවියැයි සිතන මගේ විසල් සිහින. ඔව්..කෙල්ලකට විසල් සිහින...ඔබ කුඩායැයි සිතන සිහින..සෙමෙන් කෙහෙරැල් අතර ඇඟිලි තුඩු යවා..උණුසුම් පපුතුරේ හිස ඔබා තැවුල් නිවන්නට ඇති සිහින ඔබට නොවැටහේද....ඉතින් ඔබ පමා වුවහොත් කෙසේනම් ප්‍රේමයේ හිමිදිරිය විඳින්නද..අනෙකෙකු නෙලාගත් පසු පසු තැවෙන්නද ඔබේ කැමැත්ත.පිණි වැටි සුන්දරත්වයෙන් පරිපූර්ණ මල් පෙති සිඹින්නට ඔබ පමා වුව හොත් නොහැකිමයි...ඇයි ඔබට නොවැටහෙන්නේ..මගේ සිහින සියල්ල ඔබ වෙනුවෙන්ම වග.
"දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේනම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේනම්"
ඔබට හැඟෙනවාද...මට හැඟෙන දායාවක් වගේ හැඟීමක්..හොඳයි..ඔබට ප්‍රේමය ගැන හැඟීමක් නෑ කියා හිතමු..නැතිද..මාගැන දයාවක් වන් හැඟීමක්වත්..විශ්වාස කරන්න එසේ කියාගත නොහැකි දයාවක් වැනි හැඟීම ප්‍රේමයම විය නොහැකිද..?
නැතිද අසරණ හැඟීමක්..ඉකි ගසා හඬන්නත් බැරි තරම්...දොම්නසක්... අසන්න..මා සතුව ඇති හැඬීමටත් නොහැකි..මේ දොම්නස් සිතිවිලි...ප්‍රේමයම විය නොහැකිද..? ඒ හැඟීම ප්‍රේමයමයි....අනේ ඔබට අයිති සිහින රැගෙන ගොස්...මේ දොම්නසින් මා මුදවන්න.
ජයන්ත චන්ද්‍රසිරිගේ මේ විශ්මිත ගේය රචනය..සංගීතවත් කර ඇත්තේ දර්ශණ රුවන් දිසානායක සංගීත වේදියායි...ඔහු අකුරෙන් අකුර අරුත් ගැන්වෙන සේ කර ඇති නාද යොමුකිරීම කදිමය. ෂම්මිකා අමානී...අමාවන් හඬින් ගයන මේ වේදනාබර ගීය ඔබත් රසවිඳින්න.
මේ පද ගැහැණු පිරිමි බේදයකින් තොරව භාවිතාකිරීමට හැකි අරුත්සහිතය..මටද ඔබටද දැනෙන සුළුය. එබැවින්..මම ඇයට කියමි.
"මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේනම්
රැගෙන යන්න ඒවා..
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ
අන්ධ අහස සේ
සටහන - ජයන්ත සුබසිංහ -