20 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික මැඩලයින් ස්ටුවර්ට් කියන්නේ ඩවුන් සින්ඩ්‍රම් නම් ව්‍යාකුලත්වයකින් පෙලන තරුණියක්. නමුත් නොපැකිලිව ලෝකයා ඉදිරියට ගමන් කරන ඇය දෙස බැලූ විට එවැනි කිසිම හැඟීමක් කිසි කෙනකුට ඇති නොවන බවට මට විශ්වාසයි.
ඉතා ජව සම්පන්න, නොපැකිලි, ප්‍රිය මනාප තරුණියක් වන මැඩලයින් ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් අත්කරගත් විලාසිතා නිරූපිකාවක් කිව්වොත් ඔබ කෙසේ ප්‍රතිචාර දක්වාවි ද?
ඔව් ඇය මේ වනවිට නිරුපන ක්ෂේත්රයේ උද්යෝගය සහ විවිධත්වය උදෙසා ප්‍රබල සාධකයක් බවට පත්ව තිබෙනවා. ඩවුන් සින්ඩ්‍රම් රෝගී තත්වය යටතේ සිටින ලොව ප්‍රථම වෘතිය නිරුපිකව වන්නේ ද ඇයයි. ඉතා ලාබාල අවධියේදීම ලොව ප්‍රසිද්ධියට පත් මෙම තැනැත්තියට 7,50,000 කට අධික සමාජ ජාලා අනුගාමිකයන් සංඛ්‍යාවක් ද සිටිනවා.
මැඩලයින් විවිධ විලාසිතා සන්නාම සඳහා සිය දායකත්වය සපයා දී තිබෙනවා. ලොව පුරා ප්‍රසිද්ධ සඟරා ආදියෙහි පිට කවර පවා ඇගේ රුවින් සැරසුණු වාර ගණන අති විශාලයි. වෝග්, කොස්මොපොලිටන්, වුමන්ස් ඩේ, වුමන්ස් වීක්ලි, නිව්යෝක් ටයිම්ස්, එල් ඒවගෙන් සමහරකි.
ඇය නිව්යෝක් ෆැෂන් වික්, ආර්ට් හාට් ෆැෂන් වික්, ස්ටයිල් ෆැෂන් වික්, මෙලොන්ජේ ෆැෂන් වික්, කැස්පියන් ෆැෂන් වික්, මර්සිඩීස් බෙන්ස් ෆැෂන් වික් ආදී සුප්‍රකට විලාසිතා සංදර්ශන සඳහා නිරුපනයෙන් එක් වී තිබෙනවා.
අහිමි වීමක් හිමි වීමක් කරගත් ඇගේ ජීවිතය පිළිබඳ 2018 වසරේ නිකුත් වීමට නියමිත වාර්තාමය චිත්‍රපටය නැරඹීමට ඇඟිලි ගණින බොහෝ දෙනා අතරට ඔබත් එක්වන බව නම් නොඅනුමානයි.
-අ.වා.රා.-