Mara Salvatrucha කියන්නෙ ලෝකයේ, most dengerous gang එකක් විදිහට පිලිගන්න පිරිසක්. 1980 දශකයේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා ප්‍රාන්ත ආශ්‍රිතව මධ්‍යම ඇමරිකානු රටක් උන සැල්වදෝරයෙන් සංක්‍රමණය වූවන් ඒකරාශීව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැඟීම සඳහා ගොඩනඟාගත් සමූහයක් පසුකාලීනව මේ ආකාරයේ සංවිධානයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. පුංචි පිරිසකින් ආරම්භ උන මේ gang එක මේ වනවිට සැල්වදෝර්, හොන්ඩියුරාස්, ගෝතමාලා වගේ ම කැනඩා,මෙක්සිකෝ හා මධ්‍යම ඇමරිකාව පුරාත් ව්‍යාප්ත උන පුළුල් සංවිධානයක් බවට පත්වෙනව. ආසන්න ම සාමාජිකයන් සංඛ්‍යාව 70,000ක් පමණ වෙනව.
මේ අයගේ ප්‍රධාන කාර්යය drug trafficking. ඊට අමතරව මංකොල්ලකෑම්, පැහැරගැනීම් වගේ කටයුතුත් කරනව. ඒ වගේ ම මේ සංවිධානයේ මනා සංවිධානාත්මක බාවයක් මෙන් ම විනය පද්ධතියකුත් පවතිනව. මේ gang එකේ ආකර්ශණීය ම කාරණය තමයි ඔවුන් තමන්ගේ උප සංස්කෘතීය තුල පැවැත්ම තහවුරු කරගන්න ආකාරය. මේ වගේ gang වලට තමන් ම නිර්මාණය කරගත් උප සංස්කෘතීන් පවතිනව. එකී උපසංස්කෘතීන් නිර්මාණය වෙන්නෙත් සමූහය තුල විශ්වාසය, රඳාපැවැත්ම ගොඩනැංවෙන ආකාරයෙන්.
MS වගේ gang, බාහිර සමාජ-ආර්ථික-දේශපාලන කාරණා ගැන වැඩි තැකීමක් නෑ. උන්ගේ එක ම සැනසීම සමාජයේ ව්යාභීචාරී තහංචි (Incest taboo) බිඳ දමමින් ප්රමෝදයට පත්වීම. විශේෂයෙන් ම මේ වගේ උප සංස්කෘතින් ගැන සංවාදයේ දී කතිකාවට නොඑන දෙය (Non-discursive subtance) තමයි, සමාජයක් තුල මෙවැනි ව්යාධීවේදීමය ප්රතිවිරෝධතා (pathological resistance) ඇතිවීමට බලපාන සාමාජීය, මානසික මැදිහත්වීම් මොනවාද යන්නයි.
මේ අයට විනෝදය ලැබෙන්නෙ සීමාව ඉක්මවා යාමෙන්(transgression the boundaries). නීතියට පිටින් තියෙන මේ නොලියනු නීතිය (nightly law) තුල මොවුන්ගේ පැවැත්ම තහවුරු කෙරෙන්නෙ, සමාජ ක්‍රමය තුල පීඩනයෙන් හිර වී ඇති තම ආත්මයන් සඳහා නිදහසක් සොයායාමට ගනු ලබන නිරර්ථ උත්සාහයක් විදිහටයි. මේ අය මෙවැනි අපගාමී චර්යාවන් සඳහා පෙලඹෙන හේතූන් හෙව්වහ ම මුලින් ම හමුවන්නෙ, partly Fantasy- ෆැන්ටසි ජීවිත සොයායාම. ඊ ලඟට movies, bad boy change love, leaves behind his life of crime වගේ හේතූ තියෙන්න පුළුවන්. ලංකාවේ උතුරේ පවතින 'ආවා' කල්ලියේ ප්‍රාරම්භය තුලත් මෙවැනි අපගාමී උප සංස්කෘතික ලක්ෂණ දකින්න පුළුවන්.
MS ල සෑම කෙනෙක් ගෙම සිරුර පුරා ම tattoo තියෙනව. එයින් විශේෂයි 'MS' හා මුහුණේ trangular විදිහට ඇඳල තියෙන ඩොට් තුන. මේ අය මේවා subcultural moral code විදිහට අනුකරණය කරන්න පෙලඹී තියෙනව. MS ල තමන්ගේ අපරාධයන් සඳහා වැඩිපුර යොදාගන්නෙ පිහි, බේස්බෝල් පිති වගේ දේවල්. වින්දිතයාගේ වේදනාකාරී විලාපදීමට වගේ ම අධික රුධිර වහනයන් දකින්නත් ms ල කැමතියි.
මෙවැනි සංවිධානයවීම් සමාජය විසින් ප්‍රතික්ශේප කලත්, පොදුවේ තනාගත් සංකේත නීතිය මියයමින් පවතින අවධියක ඒ වෙනුවට විවිධ පුද්ගලයන්ගේ පරිකල්පනයන් නීතිය ලෙස නැවත යෝජනාවීම සමාජය සීමාකිරීමේ තාක්ෂණය ලෙස පිලිගන්නා අලුත් මානයන් පිලිබඳව ද සැලකිල්ලක් දැක්විය යුතු බව සමාජ ප්රගමනකරුවන් නව අදහස් ඉදිරිපත් කඑමින් සිටි. එම නීතින් අතිශයින් හිතුවක්කාර සහ අන්තනෝමතික වූවත් ඒ මඟින් ස්ව-උල්ලංඝනය සතුට-නිදහස බවට පත්වෙයි.
සැල්වදෝරයේ එක් වීදියක, අතකින් පිස්තෝලයක් රැගෙන අනිත් අතින් තම කුඩා දරුවා සුරතල් කරන, ඇඟ පුරා ටැටු ඇති දේහධාරී පියාගේ සිතෙහි රැඳි ප්‍රීතිය, ඔබට මේ ලොව ඇති වෙනත් දෙයක් සමඟ කේවල් කල හැකි ද ?
-රෝ-