මේ ගෙවී යන්නේ සමාජයේ රිවස් කර හදාගන්න බැරි කාල පරාශයකි. ෆේස්බුක් සමාජ ජලාවල සැරිසරන්නන් ආවේශ වී ඇතුවාක් මෙනි. සෙකන්ඩ් සෙක්ස් නොකියවූ අයට චින්තාගේ 'ෆැකල්ටි ඔෆ් සෙක්ස් 'රමණීය රමණයකි. නිර්වාණ භාවනාවක් නැති හිත එකග නැති නිර්වාණයකි.
නිර්වාණයේ සහ සෙක්ස්වල මාකර්ටින් ඉවරවී ඇතුවා වාගේය.
මාර්කට් වෙන්නේ සියදිවි නසාගත් තරුණයා දසුන්ය.ඒ හා සමානව ඉරාජ්ගෙ නවතම ගීතයය.
දසුන් රංගන ශිල්පියෙකි. මෝස්තර නිරූපණ ශිල්පියෙකි. මිතුරෙකි ...දසුන් මියගිය පුවත ෆේස්බුක්හි තරුණ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් ගේ ෆේස්බුක් පිටු ශෝඛප්රකාශ වලින් පිරී ගොසිනි. බොහෝ දෙනා පෞද්ගලිකවම තම තමන්ගේ මුහුනු පොතෙහි දසුන්ගේ වියෝව පිළිබඳ සටහන් තබන්නට විය.
මෙයට සමගාමීව ඉරාජ් සිය වීඩයෝව යූ ටියුබය ඔස්සේ මුදාහැර නරඹනු ලබන සංඛ්‍යාව වර්ධණය කරගැනීම සඳහා විවිධ උපක්‍රම ෆේස්බුක් හරහා යොදාගෙන තිබේ.ඉරාජ්ගේ ගීතය මාර්කට් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ නෙගටිව් මාර්කටින්ය. ගීතය නරඹා බනින අය වැඩිය. බනින්නේ ඇයිද කියා බලන්නට යූ ටියුබයට යන අය නැවත ඉරාජ්ගේ ගීතයට බැන තවත් පොස්ට් දමති. දැන් ඉරාජ්ගේ උපක්‍රමය සාර්ථකය. ගීතය යූටියුබයට මුදාහැර දවසක් ඇතුළත ඔහුට ඔහුගේ මාර්ටින් ඉලක්කය සපුරා ගත හැකිය. ඉරාජ් යූටියුබය හරහා මුදල් උපයයි.නිර්වාණයත් සෙකස් පොතත් පොත් ප්‍රදර්ශනය හරහා මුදල් උපයයි.
"ඇත්තටම ලංකාවෙ ගොඩක් ප්රශ්නවල යට නොකියවෙන කතාව වෙන්නෙ සෙක්ස්.ලෝකෙන් අංක එකට සෙක්ස් ගූගල් කරන රටක් කියන එක අවමානයට කාරණයක් නෙමේ.ඒකෙ සරලම අදහස සෙක්ස් හොයනවා කියන එක. ඒක හොඳ ජනේලයක් ."
ෆැකල්ටි ඔෆ් සෙක්ස්
"ඇය නගර ශෝබනී රෙද්ද උස්සාය
ඇතුළු වීමට ඉඩ දුන්නාය
කොළඹ වේසියෙකි.
අතරමං අතවැසි පොලිස් සෙස්සකි.තරු මංගි කැස කැසය.උන් උන්ගෙ ලොක්කෝයනිල ලත් නීති ලද්දෝය.කන්නත් නැතිය බොන්නත් නැතිය.බල හීනය බෙල හීනය.නීති අවනීතිය.අසම්මත සම්මුතියඅනාචාරය අචාරය ය. අගුණ ගුණය.තැන නොතැනයයන එන මං නැති පොලිස් පොඩ්ඩෝයපාර දිගේ පඹ යුනිෆෝම්ය.
මැයි ඉවෙන්ට් එකකි. කොළඹට බෝනස් නිවාඩුවකි.ආක්රමණයකි.
කොළඹට කිරිය. අපට පිපික්ඥ්ක්ඥාය මුන්ට සැපය.අපට දුකය . උන්ගේ අම්මලාට හැමිනෙන්නටය.රීපියව් හැමනියව් බීපියව්
නිර්වාණ
දසුන් මියගියේ පෞද්ගලික හේතුවක් මතයැයි පවසයි. පෞද්ගලික හේතුවක් ගොඩ නැගෙන්නේ සමාජයෙන් ඇතිවන යම් බලපෑම් මතය. පෞද්ගලික හේතුව යනුම සමාජ හේතුවකි. දසුන්ට මියි යන්නට මග පෙන්වන්නේ ද සමාජයමය. එමෙන්ම ඉරාජ්ට මෙවර ගීතය හදන්නට මාතෘකා සපයන්නේ ද මේ සමාජයය. 'ස' යන්න වෙනුවට 'ප'යන්න යොදන්නේ ඉරාජ් සංකේත බාවිතයෙන් විඥානයට බලපෑමක් කරන්නටය.
වික්ටර් රත්නායක ගේ පෞද්ගලික ජීවිතයේ එක් පරිච්ජේදයක් බාවිතාවට ගනිමින් ඉරාජ් පහර ගසන්නේ 'ෆැකල්ටි ඔෆ් සෙක්ස්' වලටය. 'නිර්වාණ 'සමාජයටය.
වයසට යෑම තුළ ලිංගිකත්වය ට නැඹුරුවීම, ජීවිතය බෙදා හදාගන්නට කෙනෙක් සොයා ගැනීම ඉරාජ්ට අනුව කුමක්ද? ඉරාජ් ට ඉරාජ්ගේ සෙක්ස් ලයිෆ් එක හෝ ඉරාජ්ගේ පියාගේ ,ඉරාජ්ගේ සහෝදරියගේ ලිංගික ජීවිතය ගැන මියුිසික් වීඩියෝ හදා යූ ටියුබයෙන් hit කරගන්නට බැරිවෙන්නෙ ඇයි?
දසුන් මියගිය හේතුව සොයා සිය ගොසිප් සයිට් hitකරගන්නට මේ තරම් උවමනාවක් ඇතිවෙන්නෙ ඇයි?
සති දෙකක් පුරා පැවති සාහිත්‍ය මාසය වෙනුවෙන් පැවැත්වූ පොත් ප්රදර්ශණයෙන් ගම්‍ය වන පොත පත කියවන මිනිසුන් කෝ?
මේ සමාජයට අවශ්‍ය දසුන්ලා වැනි තරුණයන් පිරි සමාජයක්ද?නැතහොත් ඉරාජ්ලා වැනි සිතන පතන වීදුරු ගෙවල් වල සිට අනෙකාට තම සමාජයට ගල්ගසන පිරිසක්ද?ත්රිසම් ෆෝසම් සෙක්ස් කරන සෙක්ස් ෆැකල්ටි සමාජයක්ද?නිල්පාට නිර්වාණයක්ද?
අපි මාර විදිහට තනි වෙලා කියලා මට වෙලාවකට හිතෙනවා .අනික මේ රටත් ජීවත් වෙන්න දෙන හේතු වලට වඩා ජිවිතය දාලා යන්න දෙන හේතු වැඩියි.. මේ සිස්ටම් එකත් එක්ක හැප්පෙන්න අමාරැයි.ඒකට අපි ලග තියෙන දේවල් මදි .එහෙමත් නැත්නම් අපේ සංස්කෘතිය අපිව ගොඩනගලා නැහැ ඒකට.තවත් පැත්තකින් මේක ත්රස්තවාදියා විතරක් මරලා ත්‍රස්තවාදය ඉතුරැ කරගත්ත රටක්.ඒ පීඩනයත් අපිට තාම තියෙනවා.
මේ නූතන තරුණයෙකුගේ මේ මොහොතේ අදහසයි.
මේ තරුණයාට සෙක්ස් ප්‍රශ්නයක් නොවේ. නිර්වාණ ප්‍රශ්නයක්ද නොවේ. ප්රශ්නය ජීවත්වීමේ සමාජ වටපිටාවේ අස්ථාවර ගැටළුවයි. ඇහුම් කන්දීමට අයෙක් නැතිවීමේ ගැටළුවයි. දරාගැනීමට නොහැකියාවේ ගටළුවයි. ඉවසා සිටිමට නොහැකියාවේ ගැටළුවයි.
මේ කිසිවක් කිසිවෙකුට පෞද්ගලික නොවේ. මක්නිසාද පාරට බහින සෙක්ස් ෆැන්ටසි මිනිස්සු අනෙකා පරයා දිවයයි. කුණුහරුපෙන් බැන ගනියි. කපයි කොටයි මරයි. හප්පයි. දූෂනය කරයි.
අද ඉරජ්ගේ ගීතය දසුන්ගේ සියදිවි නසාගැනීම ඊයේ ෆැකල්ටි ඔෆ් සෙක්ස්,නිර්වාණ හෙට තවත් ස්ත්‍රී දූෂනයක් සෙක්ස් කතාවක් ෆැන්ටසියක් මරණයක් සිදුවිය හැකිය.
සමාජය ගූගල් කර සෙක්ස් හෙව්වාට සමස්ථ සමාජයට අවශ්‍ය වන්නේ සෙක්ස් නොවේ. නිල්පාට පොත නිර්වාණය වුනාට නිවන් යන්නට නොහැකිය.
සමාජයට අවශ්‍ය සෙක්ස් සමාජය තුළ සංසරණය වේ. සෙක්ස් දැවෙන ප්‍රශ්නයක් නොවේ. මන්ද අන්තර්ජාලයෙන් සෙක්ස් කියැවීමට නැරඹීට හැකි අතර අවශ්‍ය අත්හදා බැලීම පිළිබඳ ලියැවීම රතු පොතෙන් හමුවෙයි.
පොස්ටිනෝ කොණ්ඩම් ෆාමසියේ තිබේ.
අලුත් සමාජයේ තරුණයාට අවශ්‍ය ප්‍රාග්ධන විසඳුමයි. ආත්මීය ආදරයේ කොටසයි.
සමාජයට අවශ්‍යව ඇත්තේ අනෙකාට ගරු කරන ආරක්ෂාකරන ඇහුම්කන්දෙන ආදරයයි. අප සමාජය තුළ නැත්තේම මෙයයි.
දසුන් සහ දසුන් මෙන් තරුණ තරුණියන් රැුසක් සියිදිවි හානිකොට ගෙනය.ඉරාජ් music video නිර්මාණය කොට හමාරය.
ඉරාජ් ලා වැඩිහිටි සමාජයේ ලිංගිකත්වයට අබියෝග කරන සමාජ පසුබිමක,සෙක්ස් පොත යි,නිර්වාණයයි සමාජ ගත වන මොහොතක ඒ සමාජ ගතවීමෙන් අනතුරුව ඇතිවීඇති සමාජ සංසිද්ධී පිළිබඳව වගකිවයුත්තෙක් නැති සමාජයක අප ට ජීවත්වීමට සිදුව තිබේ.
පාසල් අධ්‍යාපනයේ මුල් කාලයේ සිටම අනෙකා පරයා ජයග්රහනයම පමණක් සොයන්ට පොලඹවන සමාජයක පරාජය අහිමිවීම දරාගන්නට නොහැකිවන තාක් දසුන්ලා සිය දහස් ගානක් සියදිවි නසාගනු නිසැකය.
සමාජ වගකීම වනුයේ නූතන දසුන්ලාගේ ජීවිතයට වග කියන සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි.
සාරා සමරසේකර