101 හැවිරිදි කර්ක් ඩග්ලස් නම් අසහාය නළුවා 75 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී විශේෂ සම්භාවනාවකට පාත්‍ර විය. චිත්‍රපට ඉතිහාසයේ ස්වර්ණමය යුගයෙන් දැනට ජීවතුන් අතර සිටින සීමිත කලාකරුවන් අතරින් ශ්‍රේෂ්ඨතමයා ලෙස ඔහු හැඳින්විය හැක.
1946 දි ඇරඹි ඔහුගේ සිනමා ජීවිතය වසර හැටකටත් වඩා දිවෙන්නක් විය. නළුවෙක් ලෙස සම්භාවනාවට පාත්‍ර වුවත් ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට වූයේ හොලිවුඩ් සිනමා කර්මාන්තයේ එක්තරා අඳුරු යුගයක කොන්කරන ලද කලා ශිල්පීන් වෙනුවෙන් ඔහු ගත් නිර්භය පියවර වෙනුවෙනුයි.
ඇමරිකානු කලාකරුවන් අතර සිටි කොමියුනිස්ට් වාදීන් සහ කොමියුනිස්ට් මත දරණ ශිල්පීන් කළු ලැයිස්තුවකට ඇතුලත් කර ඔවුන්ට සිනමා කර්මාන්තයේ යෙදීම වළක්වාලමින් නොනිල අධිකාරියක් 40 දශකයේ සිට ක්‍රියාත්මක කෙරුණා. මේ හෙතුවෙන් බොහෝ කලාකරුවන්ගේ සිනමා ජීවිතය ඇණහිටින තත්වයක් උදා වී තිබුනා. මෙම අසාධාරණ ක්‍රියාවලියට තිත තැබීමට මූලිකත්වය ගනු ලැබු කර්ක් ඩග්ලස් 'ස්පාටකස්' සිනමාපටය නිපදවමින් කොමියුනිස්ට් වාදී Dalton Trumbo හට එහි තිර රචනය ලිවීම බාර දෙනු ලැබුවා.
අඳුරු යුගයක නිමාවට මූලික වූ කර්ක් ඩග්ලස් ඊට අමතරව එවක ආධුනික ශිල්පියෙක් වූ පසුව එදා මෙදා තුර සිනමා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම අධ්‍යක්ෂක වරයෙක් වූ ස්ටැන්ලි කුබ්රික් හට සිනමා අත්පොත් තැබීමට උපකාර කරමින් ඔහුත් සමග චිත්‍රපට දෙකක් නිපදවූවා. නළුකමින් නොනැවතී සිනමාවේ උන්නතියට ඉවහල් වූ ශිල්පියෙකු ලෙස ඔස්කාර් යාවජීව සම්මානයටද ඔහු පාත්‍ර වුනා.
වර්තමාන හොලිවුඩයේ සුප්‍රසිද්ධ නළු ජොර්ජ් මයිකල් මොහුගේ පුතණුවන් වන අතර අද ඔහු ගෝල්ඩන් ග්ලෝබ් වේදිකාවට පිවිසුණේ ලේලිය වූ කැතරින් සීටා ජෝන්ස් සමගයි.
සටහන -ෂා දන්තනාරායන ෆේස්බුක් පිටුවෙනි