MirrorArts ධර්මසේන පතිරාජ ගේ සොල්දාදු උන්නැහේ යනු මෙරට සිනමා වංශ කතාවේ සුවිශේෂී සිනමා ස්ථම්භයකි. මේ එහි අපූරු එක් දර්ශණයකි.ජෝ අබේවික්‍රම සොල්දාදු උන්නැහේ ලෙස රගපාන අතර මාලිනී පේ්රමක්කා ලෙසද හෙන්රි ජයසේනයන් විලී මහත්තයා ලෙසද රංගනයෙන් දායක වේ.
විලී මහත්තයා -අද බාර් වල කව්රුත් නැහැනෙ පේ්රමක්කෙ...නිදහස්..හහ්... බම්බුුව
(හෙලිකොප්ටරයක් උඩුගුවනේ සැරි සරයි)
විලී මහත්තයා -නිදහස් දවසෙ අහසෙ පෙළපාලිගිය හෙලිකොප්ටරයක්
විලී මහත්තයා -නිදහස් දවසෙ අහසෙ පෙළපාලිගිය හෙලිකොප්ටරයක් සොල්දාදු උන්නැහේ
සොල්දාදු උන්නැහේ-අධිරාජ්‍යවාදීන් රට ආක්‍රමණය කරන්න යනවා අධිරාජ්‍යවාදීන්ට අපි යුද්ධ ප්‍රකාශ කරනවා.ඒ ගියෙ ඇමරිකන් හෙලිකොප්ටරයක්
විලී මහත්තයා -ඒ උනාට ඒක එළවන්නෙ අපේ මිනිහෙක්
සොල්දාදු උන්නැහේ-ආ...අපේ මිනිහෙක්...ජයවේවා ජයවේවා එහෙනම් අපේ මිනිස්සු අධිරාජ්‍යවාදීන්ගේ හෙලිකොප්ටරුත් අල්ලගෙන ජයවේවා ජයවේවා
විලී මහත්තයා -පිස්සු කෙලින්නෙැතුව ඉන්නවා සොල්දාදු උන්නැහේ උන් අපිට ඒවා තෑගි දීලා
සොල්දාදු උන්නැහේ - විලී මහත්තයා කිව්වා නේද ඇමරිකන් කාරයො හෙලිකොප්ටර් අපිට තෑගි දීලා කියලා
විලී මහත්තයා -අපිට නෙමේ මිනිහො අණ්ඩුවට
සොල්දාදු උන්නැහේ-ආණ්ඩුව කියන්නෙ අපි තමයි
විලී මහත්තයා-තමුසෙ පරමාධිපත්‍ය පටලවගෙන ආණ්ඩුව කියන්නෙ අපි නෙමෙයි.පරමාධිපත්‍ය කියන්නෙවත් මොකද්ද කියලා තමුසෙ දන්නෙ නැහැ.
සොල්දාදු උන්නැහේ-පරමාධිපත්‍යය
විලී මහත්තයා- පරමාධිපත්‍යය.... පරමාධිපත්‍යය....පරමාධිපත්‍යය කියන්නේ ආයුධ පාවිච්චි කරන මිනිස්සුයි ආයුධයි
(පේ්රමක්කා මහ හඩින් සිනාසෙයි)
සොල්දාදු උන්නැහේ- ඇයි උඹ හිනාවෙන්නෙ?පරමාධිපත්‍යය දන්නෙ නැද්ද උඹ
පේ්රමක්කා- මම නම් හිතන්නේ මමවත් නොදන්න අලි කුණුහබ්බයක් කියලා...
(සොල්දාදු උන්නැහේ ප්රෙමක්කා පසු පස පන්නයි....විලී මහත්තයාද ඔවුන් දෙනො පසු පස දිවයයි.
පේ්රමක්කා (හිටිවනම නතරවී) හොඳයි උඹලා අහිංසක මට ගහනවනම් ගහලා මරා දාපල්ලා යැයි පවසයි.
විලී මහත්තයා- මොනවද මේ කරන්න හදන්නෙ?
සොල්දාදු උන්නැහේ- උඹලා මට සමාවෙයල්ලා ...මට අද දවස හොඳ නැහැ.හැබැයි උඹලා පරමාධිපත්‍යයට හිනාවෙන්න එපා
විලී මහත්තයා- මෙන්න මෙහෙ යමු (විලී මහත්තයා සොල්දාදු උන්නැහේ පසෙකට කැඳවාගෙන යයි.)
සොල්දාදු උන්නැහේ-
තිරගත කිරීම-1981 අප්‍රියෙල් 10
ඉදිරිපත් කිරීම - සාරංග සලරූ
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය-ධර්මසේන පතිරාජ
කතාව - එච්. ඒ.සෙනෙවිරත්නගේ පරණ සොල්දාදුවෝ කෙටි කතාව ඇසුරිනි
තිර රචනය- එච්. ඒ.සෙනෙවිරත්න,ධර්මසේන පතිරාජ, ඩබ්ලිව්.ජයසිරි
සහාය අධ්‍ය්‍යක්ෂණය-ඩබ්ලිව්.ජයසිරි, ගාමිණී දෑල බණ්ඩාර
කැමරා අධ්‍යක්ෂණය-ජයනාත් ගුණවර්ධන සහාය එම්. ඩී. සුමතිපාල
සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු සහාය අතුල පතිරාජ
අංග රචනය-ඊබට් විජේසිංහ සහාය - රංජිත් මතඟවීර.