රසවින්දනය උදෙසා අලුත් අත්දැකීම් ලබාගැනීමට විවිධ ටෙලි නාට්‍ය නරඹන රසිකයන්ට තවත් අලුත් අත්දැකීමක් වූ "කූඹියෝ" ගැන මේ දිනවල සමාජ ජාල ඔස්සේ විශාල කතා බහක් පවතී.
මෙම නාට්‍යය පිළිබදව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිර්මාණය කර බෙදා හැරෙන වැකි සහ ඡායාරූප කිහිපයක් මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
ලක්මාල් ධර්මරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ අසංක දොඩන්තැන්නගේ නිෂ්පාදනයෙන් එළිදකින මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ තුමිඳු දොඩන්තැන්නය. කැමරා අධ්‍යක්ෂණය මැක්ලෙයින් ඇඩම්ස් (Striner Macklain Adams) සහ දෙවෙනි කැමරා ශිල්පියා වන්නේ හසිත වර්ණසූරියය. වේශ නිරූපණය ප්‍රියන්ත එස්. වන්නිනායක ගෙනි.
කලණ ගුණසේකර, යුරේනි නොෂිකා, ඇන්ඩෲ පුල්ලේ, ටයිටස් ඇන්තනී, සුජීවා ඩයස්, පරාක්‍රම ජයසිංහ, ඩබ්.ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, විශ්වජිත් ගුණසේකර, බන්දුල සූරියබණ්ඩාර, නිශාන්ත ප්‍රියදර්ශන, බුද්ධික ජයරත්න, ධර්මප්‍රිය ඩයස්, රම්‍යා වනිගසේකර, නෙතලි නානායක්කාර, පීටර් ඩි අල්මේදා වැනි දක්ෂ, ජනප්‍රිය නළු නිළියන් ඇතුළු තව බොහෝ පිරිසකගේ දායකත්වයෙන් මෙම ටෙලි නාට්‍යය හැඩ වී ඇත.
ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි කූඹියෝ කතා පිටපත රචනා කර ඇති අතර, දමිත මෙම නාට්‍යයේ සංස්කාරකවරයා ද වේ.
සමාජ ජාල ඔස්සේ විශාල කතා බහක් ඇති කිරීමට සමත් වුණ මෙම නිර්මාණයේ අවසාන කොටස ලබන සති අන්තයේදී විකාශනය වීමට නියමිතය.
කූඹියෝ ඉංග්‍රීසි උපසිරැසි යොදා ජාත්‍යන්තර ටෙලි නාට්‍යක් ලෙස ඉදිරිපත් කරනලෙසට සනුරි හසාලි ෆේස්බුක් සමාජ ජාල පිටුවක අදහසක් පල කර ඇත.
කූඹියෝ ටෙලි නාට්‍යය රූ ගත කළ ස්ථාන නැරඹීමට උනන්දුවක් දක්වන පිරිසක්ද මේ අතර දැක ගැනීමට හැකි විය. එම ස්ථාන ජංගම දුරකථන සහ ඩ්‍රෝන මගින් පටිගත කර යූ ටියුබ් හරහා බෙදා හැරීමට සමහර පුද්ගලයන් ක්‍රියා කර ඇත.
කූඹියෝ ටෙලි නාට්‍යය වෙනුවෙන් සෑදුනු විකිපීඩියා පිටුවේ මෙම කතා තේමාව විස්තර කර ඇත. මෙහි රඟපාන චරිතවල කාටුන් චිත්‍ර සහ #කූඹියෝ ලෙස හෑෂ් ටැගයක්ද නිර්මාණය වී ඇති බව දක්නට ලැබේ.
බීබීසී සිංහල