https://mirrorarts.lk/featured/4305-gahanu-lamai-movie#sigProIdd885466449
මේ ජායාරූප මතකය ෆේස්බුක්හි බෙදාගෙන තිබුනෙ අජිත් ජිනදාස. ඔහු සඳහන් කරලා තිබුනා මේ ජායාරූපය ඵෙතිහාසියකයි කියලා.මේ ජායාරූපය අරන් තියෙන්නෙ 1976 දි කොස්ගොඩ කලුඅග්ගල බොස්කො පාසලේ ගැහැනු ළමයි රූගත කිරීම් කරන මොහොතක. ජයාරූප ශිල්පියා බෝධි විජේසිංහ.
මේ ජායාරූපය අජිත් ට එවලා තියෙන්නේ දයාන් විතාරණ..දයාන් මේ පින්තූරය හොයාගෙන තියෙන්නේ ගාමිණී ෆොන්සේකානම් වූ ලාංකේය සිනමාවේ ශ්‍රේෂ්ට නළුවාගේ රත්මලාන නිවසේ ගාමිනී බාවිතා කළ කාමරයේ . සුමිත්‍රා ගාමිනීගේ බිරිඳ විසින් එකතු කරන ලද ජායාරූප අතරිනුයි.
මේ පින්තූරය සොයාගනු ලැබ ඇත්තේ ගාමිනී ෆොන්සේකා මහතාගේ 10 වෙනි ගුණානුස්මරණය වෙනුවෙන් ගාමිනීගේ පුත් දමිත් ෆොන්සේකා ජායාරූප සොයද්දී මෙම ජායාරූපය පමණක් හමුව තිබෙනවා. නමුත් ගාමිනී ෆොන්සේකා මහතා මෙම ගැහැනු ළමයි චිත්‍රපටය සම්බන්ධයක් නැතිවත් මේ ජායාරූපය එහි පැමිණියේ කෙසේදැයි දමිත් සොයා බලා තිබෙනවා. ඒ අනුව ප්‍රකට කැමරා අධ්යක්ෂ සුමත්ත අමරසිංහගේ බිරිඳ සුමිත්‍රා අමරසිංහ විසින් මෙම ජයාරූපය දමිත් ෆොන්සේකාගේ මවට ලබාදී තිබෙනවා. ඒ අනුව තමයි මේ ජායාරූපය මේ තාක් සුරැුකිව තිබී අජිත් ජිනදාසට එනම් එම චිත්‍රපටයේ නිමල් ට මේ ජායාරූපය ලැබී තිබෙන්නේ.
තරුණ වියේ පසුවූ අජිත් ජිනදාසත් පාසල්වියේ හුන් වසන්ති චතුරානිත් සමිත්රා පීරිස්ගේ ගැහැනු ළමයි චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදුනා. කරුණාසේන ජයලත්ගෙ නවකතාවක් ඇසුරින් සුමිත්‍රා පීරිස් තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ ගැහැනු ළමයි චිත්‍රපටය එදා හුන් යෞව්වන පේ‍්‍රමවන්තයින් සහ පේ්රමවන්තියන්ගෙ ආදරය දිනා ගැනීමට සමත්වූ චිත්‍රපටයක්.
මෙහි සංගීතය නිමල් මෙණ්ඩිස්ගෙනි.කැමරා එම්.එස්.ආනන්ද ගෙනි. සංස්කරණය සුමිත්‍රා පීරිස් ගෙනි. නීලා වික්‍රමසිංහ ගැයූ වියෝ ගී ගැයෙනා ගීතය මෙන්ම වික්ටර් රත්නායක ගැයූ ගැහුන ළමයිනේ ගීතය අදද බොහෝ ගී රසිකයින්ගේ හදවතේ සදානුස්මරණීය ගීතය.
ජෙනිටා සමරවීර ශ්‍යාමා ආනන්ද,ජෝ අබේවික්‍රම. ට්‍රිලීෂියා ගුණවර්ධන,චිත්‍රා වාකිෂ්ට.සේනක පෙරේරා,නිමල් දයාරත්න ඇතුළු තවත් පිරිසක් මෙහි රංගනයෙන් දායකවිය.ගී පද රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න සහ කැමිලස් පෙරේරාගෙනි.
මෙය 1978 මාර්තු 18 තිරගත වයි.චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාය.
ගම්පහ හෝලික්‍රෝස් කන්‍යාරාමයේ අධ්‍යාපනය හදාරමින් සිටි වසන්තා ඩොරීන් පීටර්ස්න් නම් වූ පාසල් දැරිය සුමිත්‍රා පීරිස් නම් වූ සිනමා අධ්‍යක්ෂවරිය විසින් වසන්ති චතුරාණි ලෙස අභිෂේක කොට ගැහැනු ළමයි චිත්‍රපටයේ කුසුම්ගේ චරිතයෙන් ලාංකේය සිනමාවට දායාද කරන ලදී.
මනෝහාරී හේවාවසම්-
https://www.youtube.com/watch?v=dKHmn97VG6Q