‘‘බලය ගැන ප්‍රශ්න කරන මාධ්‍යය අපිට අවශ්‍යයි. සාහසික ක්‍රියාවන් කරන මිනිස්සුු ගැන නැවත නැවත ප්‍රශ්න කිරීමේ වගකීම ඔවුන්ට භාරයි. ඉතිං. ඒ නිසා තමයි අපේ මුල්කාලීන නායකයින් මාධ්‍යය නිදහස ව්‍යවස්ථාව මගින්ම සලසා දුන්නේ. ඉති අතිශය ජනප්‍රිය, ධනවත් විදෙස් හොලිවුඩ් මාධ්‍යයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදීන් සුරැකීමේ කාර්යභාරයට සහය දෙන්න කියලයි. මොකද අපිට ඔවුන්ව ඉදිරියේදී වුවමනා වෙන නිසයි. සත්‍යය සුරැකීමට අපිට ඔවුන්ව වුවමනා වෙනවා. තව දෙයක් තියෙනවා......‘‘
74 වන Golden Globes සම්මාන රාත්‍රිය පසුගිය 8 (ජනවාරි) වනදා බෙවර්ලි හිල්ස්හි බෙවර්ලි හිල්ටන් හෝටලයේදී පැවැත්වුණි. Meryl Streep මෙවර Golden Globes සම්මාන රාත්රියේදී කලාව උදෙසා දැක්වූ අගනා දායකත්වය වෙනුවෙන් Cecil B. DeMille සම්මානය හිමිකරගැනීමට සමත්වූවාය. සිය සම්මානය පිළිගනිමින් වත්මන් ඇමරිකානු දේශපාලනය මෙන්ම විවිධත්වයෙන් පිරිපුන් හොලිවුඩය පිළිබඳ ද අගනා අදහස් ගණනාවක් ඇය ඉදිරිපත් කළාය. මේ ඒ ගැනයි.
‘හැමෝටම ස්තුතියි. මේ හැමෝටම මං ආදරෙයි. මේ සති අන්තයේදී කෑගහලා මගේ කටහඬත් ගිහිං. ඉතිං, මං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. වසරේ මුලදීම භාගයේදීම මගේ මනස ටිකක් අවුල් වුණු නිසා ඉතිං මට මේ කොළේ බලාගෙන කියන්න වෙනවා. හොලිවුඩ්, විදේශිකයන් හා මාධ්‍යය.
මීට සුළු මොහොතකට කලින් Hugh Laurie පැවසූ දේවල් ඇත්තයි. සභාවේ ඉන්න ඔබ, මා ඇතුළු ඇමරිකානු සමාජයේ ඉන්න සියලුදෙනාම හෙලාදකින දේවල් බවට ඒවා පත්වී තිබෙනවා. ඒ ගැනත් ටිකක් හිතන්න. හොලිවුඩ් හා විදෙස් මාධ්‍යය මේ හැමදේම. ඒත් අපි කවුද ? ඇත්තටම හොලිවුඩ් කියන්නේ මොකක්ද ? හොලිවුඩය කියන්නේ ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් ආව මිනිස්සු සමූහයක් විතරයි.
මා ඉපදුණේ, ඇතිදැඩි වුණේ නිව්ජර්සි වලයි. Viola Davis (මෙවර උළෙලේදී Fences සිනමාපටය වෙනුවෙන් හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගත් නිළිය) උතුරු කැරොලිනාවේ ගොවියෙකුගේ පැළක ඉපදී Long Island වල හැදී වැඩුණු කෙනෙක්. Sarah Paulson බ්රෘක්ලින් වලදී හැදී වැඩුණු තැනැත්තියක වන අතර ඇයව හදාවඩාගත්තේ ඇගේ මව විසිනුයි. Sarah Jessica Parker ඔහියෝ වල අටදෙනෙකු සිටි පවුලක එක් සාමාජිකාවක්. Amy Adams ඉපදුණේ ඉතාලියේයි. Natalie Portman ඉපදෙන්නේ ජෙරුසලමේයි. කෝ එයාලගේ උප්පැන්න සහතික. ඒවගේම සුරූපී Ruth Negga ඉපදුණේ ඉතියෝපියාවේ. ඇය හැදී වැඩෙන්නේ අයර්ලන්තයේ. ඇය දැන් මේ වෙලාවේ වර්ජිනියාවේ පුංචි නගරයක ජීවත්වෙන කෙල්ලකගේ චරිතයක් රඟපාලා ඒ වෙනුවෙන් සම්මානයකට නිර්දේශ වෙලා ඉන්නවා. Ryan Gosling අනික් හැම හොඳ කෙනෙක් වගේම කැනේඩියානු ජාතිකයෙක්. ඒ වගේම Dev Patel කෙන්යාවේ ඉපදුණාට හැදී වැඩෙන්නේ ලන්ඩනයේ යි.
හොලිවුඩය පිරී ඉතිරිලා ගිහිං තියෙන්නේ විදේශිකයින්ගෙන් හා ආගන්තුක රටවලින් පැමිණි පිරිස් වලිනුයි. මේ ඔක්කොමලා එලවලා දැම්මොත් බලන්න කිසිම කිසි දෙයක් නැති පාපන්දු හා සටන් කලාව හැර අවසානේ වෙන කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නැහැ. මේ කතාව කියන්න ඔවුන් මට දුන්නේ තත්පර තුනයි. රංගන ශිල්පීන්ගේ එකම කාර්යයභාරය වෙන්නේ අපිට වඩා වෙනස් ජීවිත ගතකරන මිනිස්සුන්ගේ ජීවිත වලට ඇතුල් වෙලා අපිට දැනෙන දේ ඔවුන්ට දැනවීමයි. ඉතිං මේ අවුරුද්දේ ඒ විදියේ බෙහෙවින් විශිෂ්ඨ, ලොමු දැහැගන්වන, රංගනයට සාධාරණයක් ඉෂ්ඨ කරන ඉදිරිපත් කිරීම් රැසක් අපිට දැකගන්න පුළුවන්.
මාව දැඩිලෙස පෙළඹවීමට ලක්කළ රංගනයන් ගණනාවක් පවතිනවා. එ් දර්ශනයන් මගේ හිත තදින් ඇදබැඳ ගන්නට සමත්වුණා. ඒ එය හොඳ දෙයක් වුණු නිසාම පමණක් නොවෙයි. එහි කිසිම හොඳ යමක් නෑ. එය ඉතාම ඵලදායී හා ඒ රංගනය විසින් ඉල්ලා සිටි දේ ඉන් ඉටුවූ නිසයි. එහිදී ප්‍රේක්ෂකයින්ව සිනාගැස්වීමට ඒ රංගනය සමත්වුණා.
ආබාධිත වාර්තාකරුවෙකු විසින් අපේ රටේ අතිශය බලසම්පන්න අසුනේ වාඩිවෙන්න යැයි අනුකරණය කරන විට අයෙකු වරප්‍රසාදමය තත්වයෙන්, බලයෙන් හා නැවත සටන් කිරීමේ හැකියාවෙන් උසස් වන ආකාරය මෙහිදී දැකගන්න හැකිවුණා. ඒ දර්ශනය දකින විට මගේ හදවත බිදුණා. එය සිනමාපටයක් නොවී සැබෑ ජීවිතයේම සිද්ධියක් වුණු නිසා මට එය තාමත් අමතක නෑ.
බලසම්පන්න තැනැත්තෙකු මහජන අවකාශය තුළ මෙවැන්නක් සිදුකළාම එය හාස්‍යයට හේතුවක් වෙනවා. ඒවගේම මෙමගින් අනෙක් මිනිස්සුන්ගේ ජීවිත වලද එවැනිම වෙනසක් සිදුකිරීමට අවස්ථාව සලසා දෙන නිසාම එය හැමෝගෙම ජීවිත වලට බලපාන කරුණක් ද වෙනවා. අවඥාවට ලක්වන ආරාධනාවන් කොහොමත් අවඥාවට ලක්වනවා. ප්රචණ්ඩත්වය පොළඹවන්නේ ප්රචණ්ඩත්වයටමයි. ඉතිං බලසම්පන්න මිනිස්සු අනික් අයට අයුතු බලපෑම් කරන්න ඔවුන්ගේ තනතුර යොදාගන්නා විට අපි ඔක්කොම පරාද වෙනවා.
මා මාධ්‍ය වෙත ගෙනආවේ මෙයයි. බලය ගැන ප්‍රශ්න කරන මාධ්‍යය අපිට අවශ්‍යයි. සාහසික ක්‍රියාවන් කරන මිනිස්සුු ගැන නැවත නැවත ප්‍රශ්න කිරීමේ වගකීම ඔවුන්ට භාරයි. ඉතිං. ඒ නිසා තමයි අපේ මුල්කාලීන නායකයින් මාධ්‍යය නිදහස ව්‍යවස්ථාව මගින්ම සලසා දුන්නේ. ඉති අතිශය ජනප්‍රිය, ධනවත් විදෙස් හොලිවුඩ් මාධ්‍යයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදීන් සුරැකීමේ කාර්යභාරයට සහය දෙන්න කියලයි. මොකද අපිට ඔවුන්ව ඉදිරියේදී වුවමනා වෙන නිසයි. සත්‍යය සුරැකීමට අපිට ඔවුන්ව වුවමනා වෙනවා. තව දෙයක් තියෙනවා. එක දවසක් මම සෙට් එකේ වාඩිවෙලා මොකක්දෝ දෙයක් ගැන කන්කෙඳිරි ගාද්දි අපි රෑ කෑම වෙලාවෙත් වැඩකරන්න හැදුවා. ඒ වෙලාවේ Tommy Lee Jones මගෙන් ඇහුවේ,
‘මෙරිල්, රංගන ශිල්පිනියක් වීම ඒ තරම්ම වරප්‍රසාදයක් නෙමෙයිද ? කියලයි. ඔව් එහෙම තමයි.‘
ඉතිං, අපි එකිනෙකාගේ වරප්රසාදයන් හා වගකීම් හා සහකම්පනය පිළිබඳ මතක් කරදිය යුතුයි. මේ රැයේදී හොලිවුඩයේ දී අපිට හිමිවන ගෞරව ගැනත් අප හදවතින්ම හැමෝම ආඩම්බර විය යුතුයි.
‘ඔබේ පෑරුණු හදවත එළියට අරන් ඉන් අගනා කලා නිර්මාණයක් කරන්න‘පසුගියදා සිය දිවියෙන් සමුගත් මගේ මිතුරියක වුණු Leia කුමරිය මට කිව්වේ එහෙම කතාවක්. ස්තුතියි
(Leia කුමරිය - ස්ටාර්වෝස් සිනමාපට මාලාවේ චරිතයකි. පසුගිය දෙසැම්බර් 27 වැනිදා ජීවිතයෙන් හැරගිය Carrie Fisher, Leia කුමරියගේ චරිතයට පණපෙව්වාය)
පරිවර්ථනය- වින්ද්‍යා ගම්ලත්