තණමල්විල කොල්ලා ජනප්‍රිය ටෙලි නාට්‍ය වෙන්නේ ජනප්‍රිය යැයි සම්මත කිසිවක් එහි නොමැති මොහොතකය. නමුත් ලංකාවේ අන්තර්ජාල ය හසුරවමින් පේ්රක්ෂකයන් බවට පත්ව සිටින බහුතරයක් පේ්රක්ෂකයින්ගේ ආදරය කැමැත්ත දිනාගැනීමට තණමල්විල කොල්ලා සමත්වීම යහපත් ප්රවනතාවකි. තණමල්විල කොල්ලා තරුණයන්ගේ ජීවිත පිළිබඳ වෙනස් කියවීමකි. බහුතරයක් ටෙලි නාට්‍ය වල නගරයේ විවිධ තලවල ජීවත්වන තරුණයින් ගැන ටෙලි නාට්‍ය ඔනෑතරම් දැක ගත හැකිය.
කූඹියෝ ඒ තාරුණ්‍යයේ එක් පැතිකඩක් වෙනස් ආකාරයිකන් ඉදිරිපත් කිරීම සහ එහි අපූර්වත්වය නිසාම ජනප්‍රිය ටෙලි නාට්‍ය බවට බොහෝ දෙනොගේ ආදරය කැමැත්ත හිමිවිය. ජනප්‍රිය සම්මානය යනුම කාලය තුළ බහුතරයක් විසින් කියවා ගන්නා අල්ලා ගන්නා ආකාරය මත ඉහළට ඔසවා තබන්නා වූ දෙයයි.
කූඹියෝ සහ තණමල්විල කොල්ලා ට සිදුවූයේ ඒ කාලය තුළ පේ්රක්ෂකයා කැමැත්තෙන් ඉහළට ඔසාව තැබහේතුවෙන් ජනප්‍රිය සම්මානය ලබා ගන්නට ඔවුන්ට හැකිවීමය.
කෙසේවතෙත් තණමල්විල කොල්ලා ට සිය කැමැත්ත ප්‍රකාශ කළ බොහෝ දෙනා මේ රටේ යම්කිසි වෙනසක් කිරීම අවශ්‍ය බව ඉගි කිරීමකි. එය කූඹියෝ තුළින්ද අපට කියවා ගන්නට හැකිවිය.
රොෂාන් රවීන්ද්‍ර විසින් සිය ප්‍රථම අධ්‍යක්ෂණය ලෙස දක්වා තිබූ කුශලතාවන් ඔහුට වෙනත් නිර්මාණයක් කිරීමේදී එතැනින් එහාට යාමට අවශ්‍ය බව ඔහු විසින්ම ඔහුට අභියෝග කරගැනීමකි.රොෂාන්ට ඇත්තේ තමාට තමා සමග වූ අභියෝගයකි.තණමල්විල කොල්ලා ජනප්‍රිය වන්නේ එය හොඳ නාට්‍යක් නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ.
රොෂාන් ෆාහීම් ඇතුළු තණමල්විලේ සියළුම දෙනාට මිරර් ආර්ට්ස් සුබ පතන්නෙමු.
සුදු ඇඳගෙන කලු ඇවිදින් ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වූ සුනිල් කොස්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. එයද පේ්රක්ෂකයන්ගේ නොමද කැමැත්තට පාත්‍ර වූ ටෙලි නාට්‍යයක් විය. එමෙන්ම තරුණ අධ්‍යක්ෂවරයෙකු වූ සුපුන් රත්නායක ගේ අඩෝ ද තරගකාරී මට්ටමේ තිබූ ටෙලි නාට්‍යකි. සුපුන් ඇතුළු කණ්ඩායම අඩෝ නිසියාකාර රිද්මය පවත්වාගනිමින් රූගත කිරීම් කිරීමට විශාල මයන්සියක් ගෙන තිබුනි.
සුපුන්, රොෂාන් සහ සුනිල් කොස්තා අතර ආනන්ද අබේනායක යනු මේ වනවිට ටෙලි නාට්‍ය ෙක්සත්රයේ සිටින ප්රවීණතම අධ්‍යක්ෂවරයාය. ඔහු විසින් තෝරාගනු ලබන පිටපත් වල ප්‍රාණය නාමල් ජයසිංහය. නාමල් ජයසිංහ මෑත කාලයේ රචනා කරන ලද හොඳම පිටපතක් වන්නේද වීරයා ගෙදර ඇවිත්ය. යුද්ධයකින් පසු රණවිරුවන් යැයි දේශපාලනික උවමනාවන් මත නාමකරණය කර ඇති හමුදා සාමජිකයින්ගේ ජීවිත වල එක් පැති කඩක් නාමල් ජයසිංහ අපූරුවට තිර පිටපතකට ගෙන තිබේ. ආචාර්ය තිස්ස අබේසේකර සිනමාවේත් රූපවාහීනි මාධ්‍ය තුළත් සිටි ශූර තිර රචකයෙකි.නාමල් ජයසිංහ ගේ දේශපාලනික කියැවීම, සමාජ කියැවීම, තිර රචනා තුළට පැමිණ ඒවා රූප හරහා නොව ජීවිත හරහා නැවත පොදු සමාජය විසින් කියවා ගනී.
මේ නිසාම ආනන්ද ට මුණගැසෙන නාමල් ජයසිංහ නම්වූ තිර රචකයා නිසි ආනන්ද අබේනායක විශිෂ්ට ටෙලි නිර්මාණ රැසක් ලාංකේය ටෙලි විෂන් පේ්රක්ෂකයන් වෙත ලබා දී තිබේ. ආනන්ද අබේනායක තුළ වූ අධ්යක්ෂවරයා ඒ චරිත වළට උපරීම සාධාරණය ගෙන එන්නට සමත් වෙන අතර රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් එම චරිත ආකර්ශණීය ලෙස ජීවත් කරවයි.
මෙවර සම්මානයට පාත්‍ර වූ ආනන්ද කුමාර උන්නැහේ පසෙකට විසිවී හුන් නළුවෙකි. එහෙත් ඔහුගේ රංගනය ජෝ අබේවික්රමගෙන්, මහෙන්දූ පෙර්රාගෙන් පසු අපට දැකිය හැකි විශිෂ්ට ගනයේ රංගන හැකියාවක් ඇති මැදිවියේ නළුවෙකි. ඔහු සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ බොහෝ දෙනාගේ ආදරය ආකර්ශණය දිනාගත් විල්සන් විය. එය පිස්සුවක් නොවේ. එහෙත් ඒ රංගනය පිස්සුවකි. ආනන්ද කුමාර උන්නැහේ හොඳම රංගන ශිල්පියාගේ සම්මානයට පාත්රවීම පිළිබඳව රොෂාන්, දසුන් පතිරණ, ධනුක ඇතුළු රංගන ක්ෂෙත්රයේ දක්ෂතා ඇති සියලුම කොල්ලන් අනිවාර්යයෙන්ම සතුටු වන්නට ඇතුවාට කිසිම සැකයක් නැත. මන්ද ඒ කිසිවකු තුළ කුහක කමක් නැති බව ඒ මුහුනුවල වූ සිනහවෙන් උද්යෝගයෙන් කියවා ගත හැකිය. ඒ සියල්ලන්ගේම දේශපානය සුදුස්සාට, දක්ෂයාට නිසි තැන ලැබීම බව පෙනේ.
ශලනි තාරකා ජනප්‍රිය සහ දක්ෂතම රංගන ශිල්පිණිය බවට එකම සම්මාන උළෙලක වසර ගණනාවකට පසුව සම්මාන ලබා ගැනීම විශේෂයකි. අඩෝ ටෙලි නාට්‍යයේ ඇය රගපෑවාද ජීවත්වූවාද යන්න අඩෝ නරඹබු අයට කියවා ගත හැක. ශලනි, සමනලී මෙන්ම සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ රගපෑ උමයංගනා මෙන්ම වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ ජයනි සේනානායක, චාන්දනී සෙනෙවිරත්න මෙන්ම නෙතලි නානායක්කාර ද ඔවුන් රගපෑ චරිත වලට සාධාරණත්වය ඉෂ්ට කර තිබීම එම නිර්මාණ සාර්ථකත්වය ට ප්‍රධාන හේතු ලෙස හැඳින්විය හැකිය.
ශලනි සිය රංගනය වෙනස් ආකාරයින් ඉදිරිපත් කිරීමට පටන් ගත්තේ ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍යනේ බව සිතේ. එහිදී ඇයට තරු නොවන දක්ෂ රගන ශිල්පීන් මෙන්ම ශිල්පිණියන්ද මුණගැසීම සහ නව යොවුන් ජීවිතයේ සැබෑව වෙනස් ආකාරයකින් කියැවුන නිර්මාණයක් තුළ ඇයට එලෙස රගපෑමට යොමුවන්නට සිදුවිය. එහෙයින් ශලනි රගපෑම වෙනස් ආකාරයකින් අල්ලා ගන්නට සමත්ව තිබුණි. ශලනි මොලේ කල්පනා කොට රගපෑමේ යෙදීම ඇයව අද දක්වා පැමණී ගමනට දිය හැකි සරල විග්‍රහයය.
රගපානවාට වඩා ජීවත්වීම එම චරිත පේ්රක්ෂක ආර්ශණය ට ලක්වීම ස්වභාවිකය.අපි දක්ෂයැයි කියන්නේ එවන් රගපෑම් වලටය. සිනමාවේ ස්වර්ණා,අනුලා පුන්‍යා,මාලිනී,ස්විනීතා ඇතුළු පිරිසක් එලෙස අපට මතකයට එකවර නගා ගත හැකි අයය.
සම්මාන උළෙලක් අවසානයේ බොහෝ අයගේ බලා පොරොත්තු ඉටු වීම් සතුටත් සම්මාන යක් ලැබීමේ කර මුලට පැමිණ එය වෙඅයට ලැබීමෙන් බලා පොරොත්තු කඩ වීමත් සාමාන්‍ය දෙයකි. සතුටත් දුකත් සම්මාන උළෙලකට පසු විඳින දේවල්ය.
සම්මානයට පාත්‍ර වූ සංගීත අධ්යක්ෂවරුන් කලා අධ්යක්ෂ වරුන් කැමරා අධ්යක්ෂවරුන් සහාය රංගන ශිල්පි ශිල්පිනියන් ඇතුළු සමස්ත සම්මාන ලාබීන් මෙන්ම සම්මානයට නිර්දේශ වූ සියළුම දෙනා වෙත සුබ පතමි.
ෆාහීම් අපට ටෙලි නාට්‍ය කලාවක් ගෙන ඒම වෙනුවෙන් සිය මුදල් නිෂ්පාදකයෙකු ලෙස කලක පටන් කැප කරන්නේ නිර්ලෝභීවය. ඔහු කලෙක පටන් නිෂ්පාදකවරයෙකු ලෙස නිහඩ සේවයක් ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් කරනු ලබයි. නිෂ්පාදකයෙකු සොයා ගැනීඹ පහසු නොවේ. ටෙලි නාට්‍ය සඳහා අඩු තක්සේරු වටිනාකමක් රූපවාහිනී ආයතන ලන්සු තියද්දී නිෂ්පාදකයන් ලාභ පමණක් බලාගෙන නිර්මාණ නිෂ්පාදනය කළේනම් පසුගිය කාලයක් මුළුල්ලේ හොඳයැයි අප රස විඳි කිසිදු ටෙලි නාට්‍යක් නිර්මාණය වන්නේ නැත. එවන් මොහොතක ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් දිගින් දිගටම බර පැන යෙදීම සතුටකි.
රයිගම් ටෙලි සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයට ඇති වගකීම් සුළුපටු නොවෙනු ඇත.
සමස්ත ටෙලි නාට්‍ය කර්මාන්තය කර්මානත්යක් ලෙස පවත්වාගෙන යාමට හැකිවේවා !!!
අමතක නොකරන්න අඩෝ, සුදු ඇඳගෙන කළු ඇවිදින්, වීරයා ගෙදර ඇවිත් යන ටෙලි නාට්‍ය තුළ ජීවත්වූ සෑම කෙනෙක්ම මේ මහපොළවේ සැබෑ ලෙසම ජීවත්වන මිනිසුන්ගේ ජීවිත කතා නිසාම ඒ ටෙලි නාට්‍ය හුස්ම ගන්නා සැබෑ මිනිසුන් අතර වඩාත් ආකර්ශණය දිනා ගන්නා බව. පැල් බැඳගෙන මෙගා විගඩම් වලට වඩා මෙවන් ටෙලි නාට්‍ය මිනිසුන් ට ජීවිතය ගැන සැබෑවක් තේරුම් කර දෙනු ඇත. සිහින ලෝකවල සැරි සැරුවත් මහපොළවේ පය ගසා ජීවත්වන්නට සෑම කෙනෙකුටම සිදුවනු ඇත.
මනෝහාරී