රුව දුටු සැණින් ආ මේ දේවකනෙ එහෙමත් නැතිනම් මේ අර ලෝයර් නේද කියල හඳුන්වන තරමටම අද වෙද්දි උදිත් අබේරත්න කියන චරිතය හරහා මිනිසුන්ට ළං වෙලා. කොහාම වුණත් කවුරු කවුරුත් බලාඉන්නෙ මැදිවියට පසුකරමින් ඉන්න රුක්මන් හිරිමල් වයසේ කෙල්ලගෙ පෙම ඩැහැ ගනියි ද කියලයි. මේ ප්‍රේම කතා ගැන අහන ගමන් ම උදිත්ගේ ජීවිතය දිහාත් ටිකක් එබී බලලා ඔහු කවුද කියා හඳුනාගන්න අපි තීරණය කළා.
මේ දවස්වල ගොඩක් දෙනාගෙ අවධානය ඔබට නේද?
ඔව් ඒ මේ දවස්වල මම රඟපාන නීතිඥවරයාගේ චරිතයට විශේෂ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ වගේම හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයේ දේවකගේ චරිතයටත් මිනිස්සු හරි ආදරෙයි,
මහා පෞරුෂයක් පෙන්වගෙන ආපු රුක්මන් දැන් අර පොඩි කෙල්ල පස්සෙ යන්න පටන් අරන් නේද?
රුක්මන් හා නිෂූ කියන්නෙ වයස් මට්ටම් දෙකක පසුවන චරිත දෙකක්. සමාජ සම්මතය අනුව පෙම්සබඳතාවයක් ගොඩනගාගන්න මේ දෙදෙනාගේ වයස් පරතරය ගැළපෙන්නෙ නැහැ කියලනෙ සමාජය දකින්නෙ. ඒත් නොගැළපෙනවා යැයි කියන සිතෙන තැන්වල හැදෙන බැඳීම්වල අමුතු හැඩයක් අමුතු රහක් තියෙනවා මම හිතනව වෙනස් කමත් එක්ක මේ චරිතය ඉදිරියේදි තවත් අවධානයට ලක්වන චරිතයක් බවට පත්වෙයි කියල.
රුක්මන් දේවක සහ උදිත් මේ තුන්දෙනාව පටලැවෙන අවස්ථා උදාවෙලා නැද්ද?
පහුගිය දවසක මම පුංචි සාදයකට ගියා. එතන හිටිය අය සමහරක් මට කතාකළේ දේවක කියල. තවත් කොටසක් කතා කළේ ආ ලෝයර් මහත්තය කියල. මේ ආමන්ත්රණ දෙකම මා තුළ සුන්දර හැගිමක් ඇතිකළා. මොකද කව්රු හරි මට ආ උදිත් කියල කතා කළානම් ඒක හරිම සාමාන්‍යයි. අර විදිහේ ආමන්ත්රණ ලැබීමත් එක්ක මිනිස්සුන්ගෙ හිත්වට මම කරන දේ දැනිල තියෙනව කියන හැඟීම නළුවෙක් විදිහට මා තුළ ලොකු සතුටක් ඇතිකළා. පුද්ගලිකව මට ඔය දෙන්න පටලැවිලා නැහැ රංගන ශිල්පියෙක් විදිහට. දර්ශන තලයට ගිහින් මේ චරිත නිරූපණය කරත්දි ඒ ඒ අවස්ථාවල දේවක වගේම රුක්මන්වත් මට දැනෙන්නෙ එක විදිහට නමුත් උදිත් කියන්නෙ ඔය චරිත දෙකටම වෙනස් කෙනෙක්. උදිත් කියන පුද්ගලය ගැන සරලව කියනව නම් ඔහු මහපොළවෙ පයගහල ජීවත් වෙන ගෙවෙන හැම මොහොතකම සතුටින් ඉන්න කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෙක් සොභා දහමට හා සමාජයට හානියක් නොවෙන්න මම මාව බලාගන්නව. මොකද මම කර්මය දැඩිව විස්වාස කරනව.
උදිත් කියන්නෙ දැඩි බෞද්ධාගමිකයෙක්ද?
මම රැඩිකල් මනුස්සයෙක්වකත් අන්ධ භක්තිකයෙක්වත් නෙවෙයි. මම විස්වාස කරන ගුණධර්මවලට අනුව ජීවත්වෙන කෙනෙක්,
නළුවෙක් වීමේ හීනය ඔබ තුළත් තිබුණාද?
පහේ හයේ පන්තියෙ ඉඳන්ම නළුවෙක් වෙන හීනය මා තුළ තිබුණා. ඒ අනුව ඒ අරමුණ ඔස්සේ ඇවිත් මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට මම කලාවට අවතීර්ණ වෙලා පසුව රංගනයට පිවිසෙනවා. මේ වෙත්දි අවුරුදු පහළවක් පමණ මම මේ ක්ෂේත්රයේ පූර්ණකාලීනව නියැළී ඉන්නව.
දැන් ඔබේ හීනය ජනප්‍රිය නළුවාගේ සම්මානයද හොඳම නළුවාගේ සම්මානයද?
පුද්ගලයෙක් විදිහට මටත් හීන තියෙනව. මම ඒ හීන හැබෑ කරගන්න වැඩ කරනව. නමුත් ජනප්‍රිය නළුවා හෝ හොඳම නළුවා හොඳම සහය නළුවා වෙනව කියන හීන දැක දැක මම වැඩ කරන්නෙ නැහැ. මට ඒ දේවල් ලැබෙන්න තියෙනව නම් ලැබෙයි. නමුත් ඒ හැම දෙයකට වඩා ජනතාවට ප්‍රිය මනුස්සයෙක් වෙන්න ලැබෙන එක ගැන මම සතුටු වෙනවා.
මේ ගමන ආරම්භයේ ඔබ තුළ සිටි මෝස්තර නිරූපණ ශිල්පියා දැන් ඔබ හැර ගිහින්ද?
ඔහු අදටත් මා ඇතුළෙ ජීවත් වෙනව. මෝසතර නිරූපණ ශිල්පියෙක් වෙන්න මම ඉගෙනගත්ත පොඩි දෙයක් පවා ප්‍රයෝජනයට අරන් තමයි මම ඉදිරියට යන්නෙ. එදා මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට මම ඉගෙන ගත්ත දේවල් අද රංගන ශිල්පියෙක් විඳිහට කටයුතු කරත්දි මම මාව බලාගන්න යොදාගන්නව.
කැපිලි කෙටිලි එද්දි ගමනට බාදා වෙලා නැද්ද?
ඒ දේවල් මට අදාළ කරගන්නෙ නැහැ. මගේ වැඩ කොටස සාර්ථකව කරන්නෙ කොහොමද කියන කාරනය ගැන පමණයි. මම කල්පනා කරන්නෙ මගේ අවධානය තියෙන්නෙ මා කරන කියන දේ ගැන විතරයි. මම මේ ලෝකෙ බය එක දෙයකට පමණයි. ඒ සනාතන දහමෙන් එහා කිසිම දෙයක් බලවත් නැහැ.
රුප රචනා තුළත් ඔබ නිතර නිතර දකින්න ලැබෙන කෙනෙක්.
ඔව් මට ලැබෙන ඇරයුම්වලින් ගැළපෙන රූප රචනා තෝරාගෙන මම පෙනී සිටිනව. මේ වෙත්දි මම රූප රචනා හයක් අධ්‍යක්ෂණය කරළා තියෙනව. මගේම පවත්වගෙන යන නිශ්පාදන ආයතනය මගින් තමයි එම නිශ්පාදන කළේ.
අනාගතයේ අධ්යක්ෂවරයා කියන භුමිකාවට පිවිසෙන්නද කල්පනාව,
අධ්යක්ෂවරයෙක් වෙනවද කියන කාරනයට වඩා ඒ අත්දැකීම ලබාගැනීමයි මට වැදගත් වෙන්නෙ. මොකද මා තුළ තිබෙන දක්ෂතා සහ නිර්මාණ හැකියාවන් එළියට ගන්න ඒක මට හොඳ අවස්ථාවක් විදිහටයි මම ඒ දේවල් කරන්නෙ.
ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඔබේ ඥාතිවරියක්ද?
නැහැ, ඇය මගේ සහෝදර ශිල්පිනියක් පමණයි.
සතියේ දින පහේම ටෙලි නාට්‍ය දෙකක රඟපාන නිසා බොහෝ කාලර්යබහුල ඇති නේද?
මම ලොකුවට කාර්යබහුල පුද්ගලයෙක් නෙවෙයි. මට දින පටලැවිල්ලක් නැහැ. මට ලැබෙන වැඩ තෝරාබේරාගෙන වෙලාවට කරනවා.
ඔබේ චරිත දෙකම එකම ආකාරයට ජනප්‍රියයි. මොකද හිතෙන්නේ,මේ දිනවල රසිකයා මගේ රංගනය විඳින අවස්ථා දෙක වන්නේ හිත ළඟ හිනැහුණා හි දේවක සහ සල්ලි පොකුරු හි රුක්මන්. මේ චරිත දෙක පසුපස සිටින සුන්දර හා නිර්මාණශීලී පුද්ගලයන් වන මහේෂ් සත්සර මද්දුමආරච්චි, ප්‍රදීප් රසාංග, සද්ධාමංගල සූරියබණ්ඩාර සහ වී සිවගුරුනාදන් යන අය මේ අවස්ථාවේ මම ආදරයෙන් සිහිපත් කරනවා.
උපුටා ගැනීම අරුණ