දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ලොක්කි කතාවේ තරූගේ චරිතයට රඟපාන්නේ කවුරුත් ආදරය කරන සවනි යකුපිටිය. ස්වර්ණවාහිනියේ ස්නැෆ්, සිරසේ රහයි ජිවිතේ හා හිත ළඟ හිනැහිලා කියන ටෙලි නාට්‍යය ඇතුළුව ඇය ටෙලි නිර්මාණ කිහිපයකටම වගේ දැනට දායක වෙලා තියෙනවා. කා අතරත් කතාබහ වෙන යොවුන් නිළියක් නිසාම අපත් ඇයට මෙසේ ඉඩක් වෙන් කළා.
* සවනිට තියෙන්නේ ටිකක් දඟකාර පෙනුමක් නේද?
බොහෝ දෙනෙක් ඒක කියනවා. මම හිතන්නේ ලොක්කිගේ කතාවේ මම කරන තරූගේ චරිතය නිසා වෙන්න ඇති. මොකද, තරූ කියන්නේ කෙළිලොල්, දඟකාර ගති පැවතුම් තියෙන කෙනෙක්නේ. හැබැයි ඇයට තියෙන ගතිගුණ බොහෝමයක් මටත් තියෙනවා. විශේෂයෙන්ම කේන්ති යන ඒක. හැබැයි ඉතින් ඒ කෙන්තිය තියෙන්නේ පොඩි වෙලාවයි. හරියට නිකම් සෝඩා බෝතලය කැඩුවා වගේ. ඇත්තටම කිව්වොත් මම ගොඩක් සංවේදී කෙනෙක්.
* රංගනයට අමතරව සවනි දක්ෂ තව මොනවටද?
පාසල් යන කාලේ මම නර්තනය, ගායනය, රංගනය මේ හැමදේටම වගේ සහභාගි වුණා. සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ පවා මම අත්කරගත්තා. කොටින්ම කිව්වොත් පාසලේ හිටපු කැපී පෙනුණ ශිෂ්‍යාවක් මම. ඊට අමතරව පාසල් යන කාලේ ක්‍රීඩා තරගවලටත් ඉදිරිපත් වුණා. මලල ක්‍රීඩා තරගවලට හත - අට වසරවල ඉඳලාම මම ඉදිරිපත් වෙලා ජයග්‍රහණත් අරගෙන තියෙනවා. ඊට අමතරව වෝලිබෝල්, නෙට්බෝල් වගේ කණ්ඩායම් ක්‍රීඩාවලටත් මම සහභාගි වෙලා තියෙනවා.
* සැඟවුණ දක්ෂතාවයක්ද ඇදුම් නිර්මාණය කරන එක?
කවුරුත් ලොකුවට දන්නේ නැති දෙයක් ඒක. මම තමයි මගේ හැම ඇඳුමක්ම වගේ නිර්මාණය කරන්නේ. ඇඳුම් මහන්න නම් මට බැහැ. හැබැයි මට ඇඳුම් විලාසිතා නිර්මාණය කරන්න පුළුවන්. ඊට අමතරව අත්කම් වැඩ එහෙමත් මට හොඳට කරන්න පුළුවන්. විවේකයෙන් ඉන්න ගොඩක් වෙලාවට ඉතින් අලුත් ඇඳුම් විලාසිතා කරන එක තමයි මගේ වැඩේ.
* ලස්සනට අඳින්න පළදින්න එහෙමත් කැමති ඇති?
කවුද අකමැති ලස්සනට අඳින්න? ඇත්තටම හැමෝම වගේම මමත් ලස්සනට අඳින්න පළඳින්න කැමතියි. ඒ නිසාම තමයි මම මගේ ඇඳුම් මමම නිර්මාණය කරන්නේ. ගොඩක් වෙලාවට මම අඳින්න කැමති ඉන්දියන් විලාසිතා. සාරි, සල්වාරි මේ හැම දෙයක් වගේ මම හරිම ආසාවෙන් අඳිනවා. ඊට අමතරව ගවුම් අඳින්න කැමතියි. ඒක දිගද, කොටට කියන එක ගැටලුවක් නම් නැහැ මට. ඒ ඇඳුම මට ගැළපෙනවා නම් මම ඒක අඳිනවා.
* විවේකයෙන් ඉන්න වෙලාවට මොකද කරන්නේ?
නිදාගන්න එක තමා. ඒක තමයි මම විවේකයෙන් ඉන්න වෙලාවට වැඩිපුරම කරන්නේ. එහෙම නැත්නම් ඇඳුම් විලාසිතා නිර්මාණය කරනවා. රෙදි ටිකක් අරගෙන අලුත් විලාසිතා අධ්‍යයනය කරනවා. තව කණ්නාඩිය ඉස්සරහා ඉඳගෙන රඟපාන්න පුරුදු වෙනවා. එක එක හැඟීම් ඉස්මතු කරගෙන ඒ චරිතයට ආරූඪ වෙන්නෙ කොහොමද කියලා බලනවා. ඔය දේවල් තමා ඉතින් විවේකයෙන් ඉන්න වෙලාවට කරන්නේ.
* ජනප්‍රිය කෙනෙක්ට ආදර යෝජනා එන්නේ නැහැ කිව්වොත් ඒක බොරුවක්?
හිතාගන්න බැරි තරමට ආදර යෝජනා එනවා. මම කලා ක්ෂේත්රයට ආවේ මීට වසරක දෙක තුනකට කලින්. එදා ඉඳලා ඉතින් ලැබෙන ආදර යෝජනාවලින් නම් අඩුවක් නැහැ. ඒ ගැන හිතන්න තව මට කල් තියෙනවා. මොකද, තාම මට වයස අවුරුදු 22යි. ඒ වගේම මම කලා ක්ෂේත්රයට එන්නේ මේ ක්ෂේත්රය තුළ යන්න පුළුවන් උපරිම තැනට යනවා කියන ඉලක්කයත් එක්ක. ආදර යෝජනාවකට වගේ දෙයකට පැටළුණොත් ඒ ඉලක්කයට මට යන්න බැහැ. ඒ හින්දා තව කාලය ගන්නවා මම ආදරය කරන්න.
සංවාදය : බුද්ධික සේනාධීර