'සැහැල්ලු ඇස් ඇත්තියන් සිනමා තරු බවට පත් නොවනු ඇත' වැනි අදහස්වලට මුහුණ දීමට 90 දශකයේ සිනමා තරුවකට සිදු වූ ආකාරයත් බොලිවුඩයට ඒමට සිය සොහොයුරියට තමන් තල්ලු කිරීමට සිදු වූ හැටිත් පිළිබඳව දශක දෙකකට වැඩි කාලයක් ඉන්දීය සිනමා ක්ෂේත්රයේ රැඳී සිටින සුප්‍රසිද්ධ බොලිවුඩ් නිළි කරීනා කපූර් ඛාන් පසුගිය දිනෙක පවසා තිබුණාය.
කරීනා කපූර් එසේ ප්‍රකාශ කර තිබුණේ සිය පළමු අන්තර්ජාල තිරගත වීම වන 'ජානේ ජාන්' සඳහා සූදානම් වෙමින් සිටියදී වේ. මෙම චිත්‍රපටිය සඳහා කරීනා මේ දිනවල සිය පූර්ණ කාලය යොදවමින් සිටින්නීය. ජායිදීප් අහ්ලාවත් සහ විජේ වර්මා සමග රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව ඇත.
එහිදී The Indian Express සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කරීනාගේ වැඩිමහල් සොහොයුරිය වන කරීෂ්මා කපූර් පිළිබඳවද කතා කිරීමට කරීනා සිය අවස්ථාව භාවිතා කර තිබුණාය.
කරීෂ්මා කපූර් සිනමා ක්ෂේත්රය තුළ සහ මිතුරන් අතර ආදරයෙන් 'ලෝලෝ' හැටියට හඳුන්වන්නීය. 1990 දශකයේ බොලිවුඩය තුළ ප්‍රමුඛතම නර්තන ශිල්පිනියන් සහ නිළියන් අතර කරීෂ්මාගේ නමද වැඩි වශයෙන් ප්‍රකාශ කෙරිණි. කරීනාගේ සොහොයුරිය වන කරිෂ්මා කපූර් චිත්‍රපට ක්ෂේත්රය තුළ තමන් වෙනුවෙන් මාවත එළි පෙහෙළි කර දුන් ආකාරය පිළිබඳවද කරීනා විවෘතව පවසා තිබිණි. ප්‍රේක්ෂකයින්ට කරීනා නිළියක් වීමට ඇති ඉඩකඩ ගැන සැකයක් තිබුණද තම සහෝදරිය විසින් ක්ෂේත්රයට පිවිසීමට තමන් තල්ලු කළ ආකාරය මෙහිදී කරීනා හෙළි කර තිබුණාය. කරිෂ්මාගේ සොහොයුරිය වීමෙන් ලද පිළිගැනීම තමන්ට පහසු වූ බවත් එහිදී කරීනා පවසා තිබිණි.
'ලා පැහැති සැහැල්ලු ඇස් ඇති නිළියන් තරු බවට පත් නොවනු ඇත' වැනි අදහස්වලට මුහුණ දීමට කරීෂ්මාට සිදු වූ ආකාරය පවසමින් කරීනා වැඩිදුරටත් පවසා තිබුණේ "ඇය වැපිරූ බීජවලින් මම බොහෝ දේ නෙළා ගත්තා. මම ඇයට බොහෝ පින් දිය යුතුයි. බොහෝ අය මුලදී ඇයට කිසිසේත්ම සහයෝගය නොදැක්වූයේ බොහෝ අය සැහැල්ලු ඇස් ඇති නිළියන්ට විශාල තරු බවට පත්විය නොහැකි බව කියූ නිසයි. එසේම, ඇයට කපූර් පවුලෙන් රඟපෑම තහනම් වුණා. නමුත් ඇය බොහෝ ආකාරවලින් පෙරළිකාර වුණා. ඇය ඇයගේ සියලු චිත්‍රපට තුළ ඇයගේ කැපවීමෙන්, වෙහෙස මහන්සි වී වැඩ කළ අතර 90 දශකයේ ආදරණීයතම නිළිය බවටද පත් වුණා. ඇගේ රසික රසිකාවියන්ද මට ලොකු ආදරයක් දුන්නා. ඇය බොහෝ වාණිජ කටයුතු කරද්දී මම රෙෆුයුජි වැනි විකල්ප මාර්ගයක් තෝරා ගත්තා. නමුත්, ඇය බ්ලොක්බස්ටර් ලබා දුන්නා." යනුවෙනි.
කරිෂ්මා කපූර් ගැන..
කරිෂ්මා සිය රංගන ජීවිතය ආරම්භ කළේ වයස අවුරුදු දාහතේදී 1991 වසරේ ප්‍රේම් කයිඩි චිත්‍රපටියෙනි. ඇය ජිගර්, රාජා බාබු, අන්දාස්, රාජා හින්දුස්ථානි, කුළී නම්බර් වන්, හීරෝ නම්බර් වන් සහ දිල් තෝ පාගල් හෛ වැනි ජනප්‍රිය චිත්‍රපටවල පෙනී සිටියාය. 2003 ටෲපවාහිනී වැඩසටහන වන ද මිලකල්ස් ඔෆ් ඩෙස්ටිනිවලින් පසුව කරිෂ්මා විනෝදාස්වාද කර්මාන්තයෙන් විවේක ගත්තාය. ඇයගේ නැවත පැමිණීම 2012දී ඩේන්ජරස් ඉෂ්ක් චිත්‍රපටිය සමඟින් සිදු වූ නමුත්, මෑතකදී ඇය භාර ගන්නා භූමිකා පිළිබඳව තෝරා බේරාගෙන කටයුතු කරමින් සිටී.
කරීනා කපූර් ඛාන් මීළඟට පෙනී සිටින ජානේ ජාන් චිත්‍රපටය මේ වසරේ සැප්තැම්බර් 21 වන දින Netflixහි නිකුත් කිරීමට සූදානම් වේ. රියා කපූර් විසින් නිෂ්පාදනය කරන ලද The Crew සහ හංසාල් මේතාගේ The Buckingham Murders කරීනා සතුව ඇත.
සැකසුම : ශිවන්ති ප්‍රනාන්දු - Pinkvilla ලිපියක් ඇසුරින්