ඕනෑම පුද්ගලයෙකුට සිය පවුල ආදරණීය තනකි. පවුලේ සාමාජිකයෙකු, විශේෂයෙන් දෙමාපියෙකු අහිමි වීම බෙහෙවින්ම කණගාටුදායක අවස්ථාවකි. නමුත්, කුමාර් සානු තම පියා මිය ගිය දිනයේ පවා ප්රසංග වේදිකාවේ ගී ගැයූ ගායකයෙකි. එම් කටුක කාලය සිහිපත් කරමින් ගායකයා 'පින්ක්විලා' පවසා තිබුණේ "ප්රසංගය ඉදිරියට යා යුතුයි. මේක රාජ් කපූර් මහතා කියපු එක දෙයක්. ඔබ මහජනයා ඉදිරියට යන විට ඔබේ පවුල තුළ සිදු වන දේ සමඟ ඔවුන්ට කිසිම සම්බන්ධයක් නැහැ. ඔබට රිදුනත් ඔවුන්ට කමක් නෑ. ඔවුන් දන්නවා කුමාර් සානු ආවොත් හොඳට සින්දු කියයි කියලා. ඉතින් මට සිනාමුසු මුහුණින් ඔවුන් ඉස්සරහා සිංදු කියන්න වුණා."
"ඒක හරිම අමාරුයි. මම වේදිකාවේදී වැතිර සිටියේ. නමුත් මම එය නොතකා මම ඉදිරිපත්කිරීම දිගටම කරගෙන ගියා. මිනිසුන් සිතුවේ එය කුමාර් සානුගේ අලුත් ශෛලියක් ලෙස. මම එහෙම කළේ නැහැ. මිනිස්සුන්ට දැනගන්න දුන්නේ නෑ."
"මම එක පාරක් 1983දී මුම්බායට ඇවිත් සින්දුවක් කියලා ගෙදර ආවා. 1986දී ආපහු ඇවිත් හෝටල්වල සිංදු කියලා, ඒ සල්ලිවලින් තමයි හම්බ කළේ." සුපිරි බොලිවුඩ් ගායක කුමාර් සානු පවසයි.
"වරක් මම එළිමහනේ කැසට් පටයක් නිර්මාණය කරමින් සිටියදී ජග්ජිත් සිං පැමිණ ගායකයා කවුදැයි විමසූ අතර ඔහු මට කතා කර මාව ගෙදර ගෙන ගියේය. මට ගීතයක් ඉගැන්වීමෙන් පසු ඔහු මාව රැගෙන ගියා. ස්ටුඩියෝ එකකට ගිහින් ට්රැක් එක රෙකෝඩ් කළා.ඒ හැමදේම හීනයක් වගේ එකින් එක සිද්ධ වුණා.ඒ තමයි මට ලැබුණු පළමු අවස්ථාව." ඔහු වැඩිදුරටත් පැවසීය.