සේවියන් ග්ලොවර් යනු 1973 ඇමරිකාවේ නිව්ජර්සිහි උපන් ඇමරිකානු නර්තන ශිල්පියෙකු සහ නර්තන නිර්මාපකයෙකු වේ. ඔහු 'හිටින්' (පොළවට පහර දීම) යනුවෙන් හඳුන්වන ක්‍රියාව සමග කරන නර්තන විලාසය ප්‍රවර්ධනය කරන ටැප් නර්තන ශිල්පියෙකි. ටැප් නර්තනය වෙනුවෙන්ම එහෙයින් ඔහු ලෝක ප්‍රසිද්ධියට පත් විය. තරුණ කාණ්ඩ සහ සහ සුළු ජාතික ප්‍රජාව අතර නැටුම් කෙරෙහි නව උනන්දුවක් ඇති කිරීමට ඔහුගේ නර්තනය හේතු වී තිබේ.
ග්ලෝවර් කුඩා දරුවෙකු ලෙස රිද්මයානුකූලබවට ලැදියාවක් පෙන්නුම් කළ අයෙකු වූ අතර වයස අවුරුදු හතරේදී ඔහු බෙර (ඩ්‍රම්ස්) වාදනය කිරීමේ නිපුණත්වයක් පෙන්වා තිබේ. එහෙයින්ම ඔහු පන්තියේ සාමාන්‍ය හැකියාවන්ට වඩා උසස් යැයි සැලකීම හේතුවෙන් නෙවාක් ප්‍රජා කලා පාසලට ඇතුළත් වීමට ග්ලෝවර්ට එය අවස්ථාවක් විය. සිය පාසලේ ඉතිහාසය තුළ සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබූ ලාබාලතම පුද්ගලයා බවට පත් වීමට ග්ලෝවර් සමත් විය. වයස අවුරුදු හතේදී ඔහු ටැප් නර්තනය ඉගෙනීමට පටන් ගත් අතර ශබ්ද නිර්මාණය කිරීම සඳහා පාදයේ සියලුම කොටස් භාවිතා කරන ටැප් නර්තනය සඳහා ආශාවක් ඔහු තුළ වේගයෙන් වර්ධනය වී තිබිණි.
ඔහුගේ දක්ෂතාවය ප්‍රධාන 'ටැප් ඩාන්ස් කිඩ්' නර්තන ශිල්පියෙකු ලෙස තහවුරු වීම සිදු වූයේ ගායන ශිල්පියකුගේ අවධානයට ලක් වීමෙනි. ග්ලෝවර් 1984හි එම කාණ්ඩයේ ප්‍රධාන භූමිකාව ගැනීමට පෙර පුහුණුව, අධ්‍යාපනය ලබමින් සෙමින් තහවුරු විය. ඔහු 1989දී 'බ්ලැක් ඇන්ඩ් බ්ලූ' සංගීත ප්‍රසංගයේ රඟපාමින් සදාතන සිය භූමිකාව තහවුරු කරගත්තේය. එම නර්තන එවකට ටෝනි සම්මාන සඳහාද නිර්දේශ විය.
පැරණි ටැප් මාස්ටර්වරුන්ගෙන් තමාට හැකි පමණින් ඉගෙනීමට දිගු කලක් ගත් ග්ලෝවර් ඉක්මනින්ම ටැප් පන්ති ආරම්භ කළේය. ග්‍රෙගරි හයින්ස්, හෙන්රි ලේ ටැන්ග් සහ සැමී ඩේවිස් වැනි නර්තන ශිල්පීන් සමඟ වැඩ කරන අතරතුර ඔහු 'Free foam Hard Core' ලෙස හඳුන්වන නිදහස් ටැප් විලාසිතාවද ප්‍රවර්ධනය කළේය.
1990දී නිව්යෝර්ක් නගරයේ ඇපලෝ රඟහලේ උත්සවයක් සඳහා ග්ලෝවර් ඔහුගේ පළමු නර්තන නිර්මාණය අවසන් කළේය. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ කලා ජාතික දීමනාවක් ලබා ගත් ලාබාලතම පුද්ගලයා බවට පත්විය. ඔහු Jellys Lasat Jam සංගීතමය චිත්‍රපටයේ තරුණ ජෙලී රෝල් මෝටන් චරිතය නිරූපණය කළේය. එය අප්‍රිකානු ඇමරිකානු ඉතිහාසය විස්තර කරන සංගීතමය චිත්‍රපටයකි. 1996දී හොඳම නර්තන අධ්‍යක්ෂක සම්මානය ඇතුළුව ටෝනි සම්මාන හතරක් ග්ලෝවර් විසින් දිනා ගන්නා ලදී.
ග්ලෝවර්ගේ තවත් ස්ථිර භූමිකාවක් වූයේ ළමා රූපවාහිනී වැඩසටහනක් වන සෙසේම් ස්ට්රීට්හිය. 1990 සිට 95 දක්වා ඔහු එහි සිටියේය. 2000දී බැම්බූස්ල්ඩ්, 2001දී ටැප් ඩාන්සර් බිල්හි පෙනී සිටියේය. පසුව 'ක්ලැසිකල් සේවියන්' සමග ඔහු අමරිකා එක්සත් ජනපදය පුරා සංචාරය කළේය. ඔහුගේම නිෂ්පාදන සමාගමක් පිහිටුවා ගත් ග්ලෝවර් සෝල් පවර් වැනි සංදර්ශන සඳහා අනුග්‍රහය දැක්වීය. ග්ලෝවර් විසින් පරිගණක සජීවීකරණය කළ Happy Feet (2006) සහ Happy Feet Two (2011) යන පෙන්ගුයින් Mumble විසින් ඉදිරිපත් කරන ලද ටැප් නර්තනයද නිර්මාණය කෙරිණි.
වසර 10ක නිහැඬියාවෙන් පසු ඔහු යළි නර්තන අධ්‍යක්ෂණය කිරීමට දායක වූ අතර මේ දක්වා ඔහු දායක වන නර්තන කටයුතු ගණන ගණන් කිරීමට නොහැකි තරම් වේ. එළඹෙන නොවැම්බර් 16 වැනිදාට ඔහු සිය 49 වැනි විය සපුරයි.