'තමන්නා' කියන්නේ හින්දි භාෂාවෙන් 'පැතුම'. කතා බහට ලක්වූ ඉන්දීය චිත්‍රපට කිහිපයකම දුටු තමන්නා භාටියාට මෙවර අප ඉඩක් වෙන් කරන්නට හිතුවා. වර්තමානයේ ඉන්දියාවේ සිටින සරාගි නිළියක්ද වන තමන්නා දකුණු ඉන්දීය සිනමාවේ සිටින ධනවත් නිළියක්ද වෙයි.
තමන්නාව අපි බොහෝ අවස්ථා වල දකින්නේ දකුණු ඉන්දීය චිත්‍රපටවල. නමුත්, ඇය තමන්ගේ සිනමා ගමන ආරම්භ කරලා තියෙන්නේ හින්දි චිත්‍රපටයක් හරහා කිව්වොත් බොහෝ දෙනෙකුට පුදුම හිතෙයි. 2005 වසරේ ප්‍රදර්ශනය වුණ චන්ද් සේ රොෂන් චෙහෙරා කියන චිත්‍රපටයෙන් තමයි තමන්නාගේ පළමු චිත්‍රපටය. එහි ඇය රඟපෑවේ අෆ්ටාබ් ශිවදාසන් කියන ඒ කාලේ තරුණ බොලිවුඩ් සිනමා නළුවා සමග. ඒ චිත්‍රපටයේ රඟපානකොට තමන්නාට හරියටම වයස අවුරුදු 18යි.
හැබැයි ඇය රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න අරගෙන තියෙන්නේ ඇයට වයස අවුරුදු 13ක් වෙද්දි කියලා තමයි අතිත තොරතුරුවල සඳහන් වෙන්නේ. තමන්නාගේ උපත සිදුවෙලා තියෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නගරයේ. ඇයගේ පියා සන්තෝෂ් දියමන්ති ව්‍යාපාරිකයෙක්. මව රාජනි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්. තව තමන්නාට ආනන්ද් කියලා වැඩිමහල් සහෝදරයෙකුත් ඉන්නවා. ආනන්ද් තමයි දැන් පියාගේ දියමන්ති ව්‍යාපාරය කරගෙන යන්නේ.
තමන්නා පාසල් කාලේ ඉඳලා ගොඩක්ම දක්ෂ වෙලා හිටියේ නර්තනයට. අධ්‍යාපනයට සමුදිපු ගමන් ඇය කළේ නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්ත එක. නර්තන හැකියාව ඉහළින්ම තිබුණ නිසා තමන්නාට පහසුවෙන්ම සිනමා කර්මාන්තයට එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට තමයි ඇය චන්ද් සේ රොෂන් චෙහෙරා කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ.
දැනට තමන්නා දමිල, තෙළිඟු වගේම බොලිවුඩ් චිත්‍රපට සීයයකට ආසන්න ප්‍රමාණයක් රඟපාලා තියෙනවා. මේ අතරින් ඇයව ලෝකයේම අඳුනගත්තේ රාජ්මෞලී විසින් නිර්මාණය කළ බාහුබලී චිත්‍රපටයේ අවන්තිකා කියන චරිතය හරහා. ජනප්‍රිය වෙලා හිටිය තමන්නා සුපිරි නිළියක් බවට පත් කළේ මේ අවන්තිකා කියන චරිතය කිව්වොත් හරි. මේ වසරේ ප්‍රදර්ශනය වූ රජිණිකාන්ත්ගේ 'ජේලර්" චිත්‍රපටයෙත් තමන්නාව දකින්න පුළුවන්. හැබැයි ඇය එහි පෙනි ඉන්නේ අයිටම් ගීතයක් ඇතුළු දර්ශන කිහිපයකට පමණයි. ඒ වගේම ඇය සරාගි දර්ශන කිහිපයකට පෙනී සිටින ලුස්ට් ස්ටෝරි දෙවැනි චිත්‍රපටයත් මේ වසරේ ප්‍රදර්ශනය වුණ එකක්.
අද වෙනකොට තමන්නා දකුණු ආසියාවේ සිටින සරාගිතම නිළියක් බවටත් පත් වෙලා තියෙනවා. 2023 වෙනුවෙන් ලැයිස්තු ගත කළ ආසියාවේ සරාගිතම නිළියන් අතර නමවැනි තැන හිමිවෙලා තියෙන්නේ ඇයටයි. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් තුළ කතාබහට ලක්වෙන රංගන ශිල්පිණියක්ද වන තමන්නාට මිලියන 23.7ක රසික පිරිසක් සිටින Instagram ගිණුමක්ද තිබෙනවා.
දකුණු ඉන්දීය සිනමාවේ කෝටි සියයකට අධික වත්මක් ඇති එකම නිළියද වන තමන්නාට කෝටි 7.5ක මෝටර් රථ එකතුවක්ද තිබෙනවා. අලුතෙන්ම එන නවීන පන්නයේ මෝටර් රථ මිලඳි ගැනීමේ ආසාවක් ඇති තමන්නා බෙන්ස්, ෆෙරාරි, ජගුවර් වැනි සුවිශේෂි මෝටර් රථ කිහිපයකම අයිතිකාරියක්ද වෙනවා. ඒ වගේම මුම්බායි හි ජුහි ප්‍රදේශයේ මුහුදු වෙරළකට මුහුණලා කෝටි 16ක් වටින මහල් නිවාසයක්ද තමන්නාට තිබෙනවා කියලා තමයි ආරංචිය. 34 වැනි වියෙහි පසුවන තමන්නා මේ වසරේ විවාහ වෙනවා කියලා තව ආරංචියකුත් පැතිරෙනවා. ඉතින් මේ වගේ කතා ගොඩක් එක්ක තමයි තමන්නාගේ ජිවිතේ මේ වසරේ ගෙවන්නේ.
බුද්ධික සේනාධීර