මීට වසර හතරකට උඩදී සිය ගණන් කළ නොහැකි රසික සමාජයක් හඬවමින් අප අතරින් වියෝ වූ චරිතාංග බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ගේ ජන්ම දිනය අදට (07) යෙදී ඇත. ක්‍රිස්ටෝපර් නෝලන් ජනප්‍රිය බ්‍රිතාන්‍ය චිත්‍රපට නිමැවුම්කරුවාගේ Interstellar චිත්‍රපටය ප්‍රතික්ෂේප ඉර්ෆාන් ප්‍රතික්ෂේප කළ බව බොහෝ දෙනෙකු දන්නා කරුණක් නමුත්, මේ නළුවාගේ විශිෂ්ටත්වය මැන ගැනීමට එම සිදුවීම සිහිපත් කිරීම ඉතා වැදගත්ය. ඔහු එම චිත්‍රපටය ප්‍රතික්ෂේප කළේ මන්ද යන්න ඔහුගේ ජන්ම දිනය සමරන දිනයේ සිහිපත් කිරීම තරම් වෙනත් සුදුසු දිනයක් නොමැත.
ඉර්ෆාන් හින්දි සිනමාවට මෙතෙක් පහළ වූ ජාත්‍යන්තර මට්ටමේ වටිනාකම් ඇති විශිෂ්ටතම නළුවෙකි. නමුත්, ඉතා අවාසනාවන්ත ලෙස 2020 අප්‍රේල් මාසයේදී ඔහු අපෙන් සමුගත්තේ ඔහුට වැළඳුණු පිළිකාවට මුහුණ දීමේ ශක්තිය අවසන් වීමත් සමගය. ඉර්ෆාන් ජීවත්ව සිටියේ නම් අදට වයස අවුරුදු 57කි. වසර 30කට අධික කාලයක් නියැලුණ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් තිබූ මේ නළුවා The Darjeeling Limited, Slumdog Millionaire, The Amazing Spider-Man, Life Of Pi, Jurassic World, Inferno සහ තවත් ජාත්‍යන්තර මට්ටමේ සිනමා කෘතිවලද කටයුතු කළ අයෙකි.
සත්‍ය කතා මත පදනම් වූ හොඳම බොලිවුඩ් චිත්‍රපට අතර නම් කියැවෙන චිත්‍රප්ට 10 අතරේ No one Killed Jessica, Airlift, Neerja සිට Super 30 දක්වාත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ 2014 නිමැවුණ චිත්‍රපටය වන Interstellar චරිතයක් ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු ජීවත්ව සිටියදී වරක් හෙළි කළේය. එයට හේතුව ලෙස ඉර්ෆාන් පෙන්වා දුන්නේ 'දින වෙන් කිරීමට නොහැකි කාලසටහන් පිළිබඳ ගැටලු හේතුවෙන් තමන්ට එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවය. Interstellar භූමිකාව භාර ගතහොත් මාස 4ක කාලයක් එක්සත් ජනපදයේ නැවතී සිටීමට සිදු වන අතර ඒ වන විට තමන් LunchBox සහ D-Day සඳහා ඉන්දියාවේ සිටීම අනිවාර්ය බවත්ය.
විශිෂ්ට ගණයේ නළුවෙකු වූ ඉර්ෆාන්ගේ විශිෂ්ටත්වය කීමට මේ කතාව ප්රමාණවත්ය. තමන්ට හිමි වන මුදල, කීර්තිය සලකා භාරගත් වැඩ අතහැර දැමීමට පවා හැකියාවක් නළුවකුට තිබුණත් ඔහු එසේ නොකළ නළුවෙකි. එවැන්නන්ගේ නික්මයාම බොලිවුඩයට සදාතන පාඩුවක් වන්නේද එහෙයිනි.
ශිවන්ති ප්‍රනාන්දු