නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණ හා වාර්තා වැඩසටහන් සිදු කරනු ලබන මෙරට සාගර ජීව විද්‍යාඥවරියක් වන ආශා ඩි වෝස් හට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන් සම්මානයක් හිමි වී තිබේ.
බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් පළමු වරට සංවිධාන කරනු ලබන ගෝලීය ඇලුමි සම්මාන ප්‍රධානෝත්සවයේදී වෘත්තීය ජයග්‍රහණය උදෙසා වන සම්මානය ඇයට මෙසේ හිමි වී ඇත.
ඒ අනුව ආශා ඩි වෝස්, සම්මාන උළලේදී ඇගයුම් ලැබූ විශිෂ්ට ජයග්‍රාහකයන් තිදෙනාගෙන් එක් අයෙකි.
නිල් තල්මසුන් සම්බන්ධයෙන් ඇය විසින් සිදුකල වාර්තාමය වැඩසටහන් BBC, නිව්යෝක් ටයිම්ස්, CNN, නැෂනල් ජෝග්රෆි වැනි අන්තර්ජාතිකව ප්‍රකට මාධ්‍ය ආයතන ඔස්සේ විකාශය කර තිබේ.
සාගර අධ්‍යාපනය සහ උතුරු ඉන්දියානු සාගරයේ නිල් තල්මසුන් පිළිබඳව පර්යේෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ආශා ඩි වෝස් ලොව ප්‍රසිද්ධියට පත් තැනැත්තියකි.