තායිලන්තයේ ලෙනක සිරවී සිටින කණිෂ්ඨ පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අවස්ථාවක, බැංකොක් පදනම් කරගත් SISIDEA සමාජ,
සාමාජිකයින් දෙදෙනකු විසින් ඒ සම්බන්ධයෙන් අඳින ලද කාටුන් චිත්‍රයක් මේ වනවිට බොහෝ දෙනකුගේ අවදානයට යොමු වි තිබෙනවා.
එම සිතුවම අඳින ලද්දේ අරුණි අවුන්හවරකෝන් සහ ජන්තිමා මනස්වියෝන්කුල් නම් නිර්මාණ ශිල්පින් දෙදෙනකු විසිනි.
කාටුන් චිත්රයෙහි සත්ව වර්ග කිහිපයක් සහ සංඛේත දක්නට ඇති අතර ඒවායින් විවිධ පුද්ගල කණ්ඩායම් සහ පුද්ගලයින් නිරූපණය කර තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ එම අරුත්,
වල්ඌරු පැටවුන් සහ පිටුපසින් එන විශාල වල්ඌරා : වයිල්ඩ් බෝ(ර්) නමින් හැඳින්වෙන පාපන්දු කණ්ඩායමේ ළමුන් සහ පුහුණුකරු
සුදු අලියා: ගුහාව පිහිටි තායිලන්ත චියැන්ග් රේ ප්‍රදේශ ආණ්ඩුකාර නරෝන්ග්සක් ඔසටනකෝන්
සුදු අශ්වයා: මෙම මෙහෙයුමට දායක වු සියලු වීරයින්. (දිදුලන සන්නාහය පැළඳගෙන අප මුදා ගැනීමට සුදු අසුන් පිට පැමිණෙන නයිට්වරුන් ඔබය.)
සීල් මත්සයින්: තායි නාවික කණ්ඩායම
ගෙම්බන්: ලොව අංක එකේ සියලු පිහිනුම්කරුවන්
සිංහයා: ළමුන් සමඟ පළමු සබඳතාවය පැවැත්වූ බ්‍රිතාන්‍ය පිහිනුම්කරුවන්
මකරා: ගුහාවේ ජලය ඉවත් කරන ජල පොම්පකරුවන් කණ්ඩායම
කොටියා: මියන්මාර මුදවා ගැනීමේ කණ්ඩායම
කැන්ගරුවා: ඔස්ට්‍රේලියා මුදවා ගැනීමේ කණ්ඩායම
පැන්ඩා: චීන මුදවා ගැනීමේ කණ්ඩායම
කොකා: ජපන් මුදවා ගැනීමේ කණ්ඩායම
ගෝනා: ස්වීඩන් මුදවා ගැනීමේ කණ්ඩායම
දුඹුරු අලියා: ලාඕසයේ මුදවා ගැනීමේ කණ්ඩායම
උකුස්සා: ඇමරිකා එක්සත් ජනපද මුදවා ගැනීමේ කණ්ඩායම
සුනඛයා: K9 පොලිස් සුනඛ ඒකකය
වැහිළිහිනින්: මුදවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වු Thai Birds Net Expert කණ්ඩායම
පරවියන්: මෙම අවස්ථාව ගැන පුවත් ලොවට ගෙන යන සියලු මාධ්‍ය කණ්ඩායම්
සුදු පරවියන් අතර සිටින කළු පරවියා: මෙම මෙහෙයුම විවේචනය කරන සියලු පුද්ගලයින්
අයන් මෑන්: මුදවා ගැනීමේ මෙහෙයුමට අදාළව කුඩා සබ්මැරීන් සපයන කටයුත්තට දායකත්වය ලබා දෙන “ඊලෝන් මස්ක්” නම් ව්‍යාපාරිකයා (ඔහු ස්පේස් X සහ ටෙස්ලා වැනි ව්‍යාපෘති දියත් කිරීම සඳහා පුරෝගාමී වූ පුද්ගලයෙකි.)