lan englan tam

නුවරයුගයේ සිතුවම් රැසක් දක්නට ලැබෙන කොටියාගල වත්තේගම විහාරය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

නුවරයුගයේ සිතුවම් රැසක් දක්නට ලැබෙන කොටියාගල වත්තේගම විහාරය

මොනරාගල කොටියාගල වත්තේගම විහාරගෙයි ඇති මෙම පිළිමගෙයි නුවරයුගයට අයත් සිතුවම් රැසකින් සමන්විත වෙනවා. වසර 1769 දි බැද්දේගම සුමංගලාභිධාන තෙරුන්වහන්සේ බොහෝ සේ විරියකරමින් ගල්මඩුවේ තෙරුන්වහන්සේගේ ආධාර උපකාරයෙන් මෙම පිළිමගෙය කරවු බව සදහන්ය.මෙම පිළිමගෙයි දිග අඩි 36 අගල් 10.5 කි.පලල අඩි 24 අගල් 5 කි.වහල දෙකට තනා ඇත.උස් වු ඇතුලු කාමරයේ දිග අඩි 14 අගල් 4.5 කි.පළල අඩි 10 අගල් 5.5 කි.ඇතුලුවන දොරකඩ බිත්තියේ සිට ඇතුලු කාමරයේ බිත්තියට අඩි 13 අගල් 10 කි.

පිළිමගෙට ඇතුලුවිමට පෙර මැද වහලත් පිට වහලත් අතර ඇති බිත්තියේ ඉදිරියට නෙරා සිටින අයුරින් නිරූපණය කොට ඇති කින්නරාංග රූ දෙකකි. වෙනත් පිළිමගෙවල්වල ඇත්තේ මේ රූ දොරටුව දෙපසය. ඇතුලුගෙය දොරටුව දෙපස දොරටුපාල දෙදෙනෙක් වෙති. ඔවුන් දෙදෙනාට මැදිව මොනර රූ දෙකකි. එයට උඩින් දොරටුව පිරෙන සේ කිබිසි මුහුනක්, ඒ දෙපැත්තේ දේව රූ හයකි. මේ දෙවිවරු නොයෙක් ආයුධ ගෙන සිටිති.

පිළිමගෙට පිටි දොර හා ඇතුලුදොර අතර උඩ යට හතරැස් වුද මැද අටපටිටම් වුද ලී කනු දෙකකි. ඇතුලු ගෙයි දොර පියන් සාදා ඇත්තේ අගල් 1.5 ඝනකම් වු ලෑල්ලෙනි. දොර පියනක උස අඩි 07 අගල් 3.5 කි. පිළිමගෙයි හැම බිත්තියකම සිතුවම් දක්නට ඇත. පිටත කාමරයේ වම්පස අපාය ද දකුනු පස පෙරහැරක එන නිලමේවරුන් ද දක්නට ඇත. කුඩා ගෙයි පිටුපස බිත්තියේ මාර යුද්ධය නිරූපණය කර තිබේ. නැගෙනහිර බිත්තියේ ද දිව්‍යලෝක හා ජාතක කථා නිරූපණය කරයි.

ඇතුලු කාමරයේ බුදු පිළිම මැටියෙන් කර තිබේ. අනෙක් පිළිම ද එසේම ය. සැරියුත් මුගලන් විෂ්ණු සමන් රූප බුදුපිළිමය අසල ඇත. දකුනේ චිත්‍ර පේළිවල මුදුනේ පේළි දෙක සූවිසි විවරණයටත්. ඊලග පේළිය නිළමේවරුන්ටත් යට පේළිය විහාර කර්මාන්තයට පුමුඛව කටයුතු කළ අයටත් වෙන්කර තිබේ.

නයන සංජීව ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත්තකි  

 

Back to top
Go to bottom

Popular News