lan englan tam

පුවත්

“මාරියා” නොවැම්බර් 21 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලක සිට ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවෙන් සිටි අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ මාරියා” (The Ocean Angel) චිත්‍රපටය එළඹෙන නොවැම්බර් 21 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතයි.

තිරගත වීමට පෙර සිටම අන්තර්ජාතික සිනමා උළෙල රැසකදිම ඇගයුමට ලක්වූ මාරියා චිත්‍රපටය,

වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය මෙම චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාටම හිමිවිය .

ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවැති 15 වන ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී ග්‍රීන් රෝස් සම්මානය දිනාගත් " මාරියා" ,

රුසියාවේ පැවැති " සල්ටා ඉයුරේෂියන් බ්‍රිජ් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානයටද හිමිකම් පෑහ .

ලොව ඒ ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙලක් ලෙස සැලකෙන , ආසියාවේ පැරණිතම සිනමා උළෙල වන 54 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරි අංශය සඳහා ද නිර්දේශ වූ " මාරියා " , රුසියාවේ පැවැති මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට ද සමත්විය.

සම්පූර්ණයෙන්ම මහ මුහුද මැද රූපගත කර ඇති " මාරියා" චිත්‍රපටය හේමාල් රණසිංහ , මහේන්ද්‍ර පෙරේරා , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ් , ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ හා සුරන් දසනායක ගේ රංගනයෙන් ඔපවත් වී තිබෙනවා.

ගැඹුරු මුහුදේ මසුන් සොයා යන බෝට්ටුවක සිටින ධීවරයින් පිරිසක් සහ, මුහුද මැදදී ඔවුන්ට අහම්බයෙන් දක්නට ලැබෙන යම් වස්තුවක් නිසා එම ධීවරයින් මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් සමුදායක් වටා චිත්‍රපටයේ කතාව ගලා යනවා.

චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද , ඩිලන්ත පෙරේරාගේ සංස්කරණයෙන් ද , දමින්ද මඩවලගේ සහය අධ්‍යක්ෂණයෙන් හා චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩ වූ " මාරියා " තිර රචනය සහ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන විසිනි.

“මාරියා” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වා විසින්. 

ඉතින්, එළඹෙන නොවම්බර් 21 වනදා සිට ඔබට ළඟම සිනමා ශාලාවේදී මාරියා නරඹන්නට එක් විය හැකියි.

තොරතුරු - ඇන්ටන් ජේ ප්‍රනාන්දු (Anton J. Fernando

 

චිත්‍රපටයේ නිළ තේමා ගීතය නරඹන්න පිවිසෙන්න පහළින්.

ගායනය: බිමල් ජයකොඩි රචනය: අංජලී බුදවත්ත ජයවර්ධන සංගීතය: මංගල ගලප්පත්ති සංස්කරණය: කසුන් චන්ද්‍රනාත් පතිරණ

kemadasa

Back to top
Go to bottom