ලාංකේය අග්‍රගණ්‍ය සිනමාකරු සිනමාකරු ධර්මසේන පතිරාජ කාර්ය භාරය සුරැකීම වෙනුවෙන් ආරම්භ වන 'ධර්මසේන පතිරාජ පදනම' පිහිටුවා ගැනීම ඊයේ (03) කොළඹ Orient Club හිදී සිදු වූවා.
ඒ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව ආදින්ගේ සහභාගිත්වයෙන් සහ ලක්ෂ්මන් මෙන්ඩිස්, මිලින්ද පතිරාජ, මාලක දේවප්‍රිය ආදි පිරිසකගේ මූලිකත්වයෙන්.
ධර්මසේන පතිරාජයන් අධ්‍යක්ෂණය කළ 'අහස් ගව්ව' නිෂ්පාදකවරයා වූ මිත්‍රරත්න හේරත් ද මීට එක් විය.
මෙහිදී පතිරාජයන්ගේ සිනමාව පිළිබඳව ප්‍රවීණ සාහිත්‍යවේදී එරික් ඉලයප්ආරච්චි විග්‍රහයක් ද සිදු කරනු ලැබු අතර, ධර්මසේන පතිරාජගේ නිර්මාණ එකතුව සංරක්ෂණය කරගැනීම, ඒවා ඉදිරි පරම්පරාවට මාර්ගෝපදේශ ලෙස ස්ථාපිත කිරීම ඇතුළු විවිධ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.
එමෙන්ම ධර්මසේන පතිරාජයන් හා සම්බන්ධව සිටි අයගේ සුන්දර මතක ආවර්ජනාවලින්ද මේ හමුව ඔපවත් වූවා.
ලාංකීය සිනමාවේ සුසමාදර්ශමය වෙනසක් සනිටුහන් කරමින් අහස් ගව්ව(1974), බඹරු ඇවිත් (1978), සොල්දාදු උන්නැහෙ (1981), සක්කාරං(2026).. ඇතුළු විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් දායාද සිනමා කරුවෙකු ලෙස ධර්මසේන පතිරාජයන් හැඳින්විය හැකි අතර,
ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය කලාව තුළද ‘කඩුල්ල’, ‘ඇල්ල ළඟ වලව්ව’, 'දුර්ගාන්තය', 'නාඳුනන පුත්තු', ‘පුර සක්මන’.. වැනි තවත් අග්‍රගන්‍ය ටෙලි නිර්මාණ රැසක් ඔහු අතින් නිර්මාණය විය.
සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස මෙන්ම තිර රචකයෙකු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් ලෙසද කටයුතු කළ ඔහු 2018 වර්ෂයේ ජනවාරි 28 දින දිවි ගමනින් නික්ම ගියේ 74 වන වියේ පසුවන විටයි.
මතු දැක්වෙන්නේ ඊයේ (03) කොළඹ Orient Club හි දී සිදුවූ 'ධර්මසේන පතිරාජ පදනම' පිහිටුවා ගැනීමේ අවස්ථාවේ විශේෂ අවස්ථා කිහිපයක්.







(ඡායාරූප 'Pushpananda Ekanayaka' ෆේස්බුක් පිටුව ඇසුරිනි)



