lan englan tam

පුවත්

ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීමට පියවර!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ බව අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් මාධ්‍යට ප්‍රකාශ කරනු ලැබුවා.

ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා මේ වන විට දශක පහක පමණ කාලයක් ගත වී ඇති අතර එකී කාලසීමාව තුළ සිනමා කර්මාන්තයට අදාළ තාක්ෂණය වෙනස් වීම මෙන්ම, සමාජ, දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි ද විශාල වෙනස්කම් සිදු වුණා.

ඒ අනුව වර්තමානයට ගැලපෙන අයුරින් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආයතන ව්‍යූහය හා කාර්යභාරය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙනවා.

ජාතික චිත්‍රපට සංස්ථා පනත මඟින් ආවරණය නොවන ක්ෂේත්‍ර සම්බන්ධව උපායමාර්ගික දිශානතියක් ඇති කිරීමේ අරමුණින් සහ සිනමා නියාමනය හා සිනමා සංස්කෘතිය ප්‍රවර්ධනය යන කාර්යයන් සිදු කළ හැකි වන පරිදි ස්ථාපිත කිරීමට යෝජිත ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලයේ ව්‍යූහය හා කාර්යභාරය සම්බන්ධයෙන් මූලික කෙටුම්පතක් සකස් කෙරෙනවා.

ඒ අනුව, 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර, ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා ද විධිවිධාන ඇතුළත්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබෙනවා.

 

kemadasa

Back to top
Go to bottom