'ආදරණීය කතාවක්', 'දේදුනු ආකාසේ', 'මන්දාරා' වැනි ඉමහත් ප්‍රේක්ෂක අදරය දිනාගත් චිත්‍රපට රැසක් ලාංකීය සිනමාවට දායාද කළ ප්‍රියන්ත කොළඹගේගේ නවතම සිනමා නිර්මාණය “සූරිය සුළඟ” 2026 වර්ෂය ආරම්භයේදී දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීමට සූදානම් බව වාර්තා වෙනවා.
ත්‍රාසය, ආදරය හා ක්‍රියාදාමයෙන් පිරුණු අමතක නොවන සිනමා අත්දැකීමක් තිළිණ කරන්නට පොරොන්දු වන මෙම සිනමා නිර්මාණයට ප්‍රධාන චරිත වලින් නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මේඝ සූරියආරච්චි සමඟින් නවපරපුරේ තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නිහාරි පෙරේරා එක්වන අතර,
ඒ සමගින් සනත් ගුණතිලක, අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ, මෞලි දුෂ්මන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටෙරී ජයසිංහ, ලහිරු බාලසූරිය, මුතූ තරංගා, සජිනි රෝයි... වැනී නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
මෙහි තිර රචනය ප්‍රියන්ත කොළඹගේ සහ වජිර කස්තුරි විසින් වන අතර නිෂ්පාදනය: මනීශා ද සිල්වා, චම්මික ද සිල්වා, එම්.ආර්.එච් පෙරේරා, ප්‍රියන්ත කොළඹගේ විසිනි.
ඉතින්, 2026 වර්ෂයේදී “සූරිය සුළඟ” සමගින් නැවුම් සිනමා අත්දැකීමක් විද ගන්නට ඔබත් සුදානම් වන්න.




