lan englan tam

පුවත්

(4K) ප්‍රතිසංස්කරණය කළ “ගැහැණු ළමයි” චිත්‍රපටය 28 වනදා සිට යළි තිරගත වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිංහල සිනමාවේ සුවිශේෂී සංධිස්ථානයක් වූ  සුමිත්‍රා පීරිස්ගේ 'ගැහැනු ළමයි', (1978) චිත්‍රපටයේ ප්‍රතිසංස්කරණය කරන ලද නව (4k) පිටපත එළඹෙන නොවැම්බර් 28 වනදා සිට යළිත් දිවයින පුරා තෝරා ගත් සිනමා ශාලා වලදී  තිරගත වීමට නියමිතයි.

මේ අනුව,

PVR - කොළඹ

ස්කෝප් සිනමා - හැව්ලොක් සිටි

රීගල් - කටුබැද්ද

රීගල් - ගම්පහ

JP Cineplex - මහනුවර

රීගල් - බණ්ඩාරවෙල

යන සිනමා ශාලාවලදී 28 වනදා සිට මෙම අග්‍රගණ්‍ය සිනමා නිර්මාණය යළි ප්‍රදර්ශනය වනවා.

ප්‍රවේශ පත්‍ර සහ දර්ශන වාරයන් පිළිබඳව වැඩි විස්තර සඳහා පිවිසෙන්න. https://web.facebook.com/lesterandsumitrafoundation

 

587204623 1139022574881280 2043240227936800662 n

 

සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කරන ලද “ගැහැණු ළමයි” චිත්‍රපටය මුල් වරට 1978 වසරේ තිරගත වූ  අතර,

ජනප්‍රිය නවකතා රචකයෙකු වූ කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද 'ගැහැනු ළමයි' නවකතාව ආශ්‍රයෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කෙරිණි.

චිත්‍රපටයට වසන්ති චතුරානි, අජිත් ජිනදාස, ශ්‍යාමා ආනන්ද, ජෙනීටා සමරවීර, ට්‍රිලීශියා ගුණවර්ධන, ජෝ අබේවික්‍රම ඇතුලු ප්‍රවීණ රංගධරයින් රැසක් රංගනයෙන් එකතු වුනා.

35 mm මට්ටමෙන් තිරගත වූ ගැහැනු ළමයි චිත්‍රපටය 'ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම' සමග එක්ව 'චිත්‍රපට උරුමය සුරැකීමේ පදනම' (Film Heritage Foundation) විසින් ප්‍රතිසංස්කරණය කොට තිබෙනවා.

මේ සඳහා අනුග්‍රහය ලබා දී ඇත්තේ චිත්‍රපට සුරැකිමේ පදනම / ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලය / ඉන්දියාවේ ප්‍රංශ ආයතනය සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පුරෝගාමී ජාත්‍යන්තර සහයෝගීතාවයක් වන FISCH හි අනුග්‍රහයෙනි.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපටයේ සංරක්ෂණය කර ඇති හොඳම ඉතිරිව ඇති අංග භාවිතා කරමින් ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම සමඟ එක්ව L’Immagine Ritrovata රසායනාගාරයේ චිත්‍රපට උරුම පදනම විසින් ප්‍රතිසංස්කරණය කොට තිබෙනවා.

නිමා වූ ලෝක ප්‍රකට කාන් සිනමා උළෙලේද 'ගැහැනු ළමයි' නව ප්‍රතිසංස්කරණය කළ පිටපත ප්‍රදර්ශනය කරනු ලැබූවා.

 

ඉතින්, නැවතත් මෙම අද්විතීය සිනමා නිර්මාණය නරඹන්නට නොවැම්බර් 28 වනදා සිට ඔබත් එක්වන්න.

 

589196437 1139113274872210 4352658843515189286 n

kemadasa

Back to top
Go to bottom