චමින්ද ජයසූරියඅධ්‍යක්ෂණය කළ “Father - ෆාදර්” සිංහල චිත්‍රපටය එළඹෙන ජනවාරි මාසයේ සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වන බව නිවේදනය කොට තිබෙනවා.
70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙන “Father - ෆාදර්” චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය >>>
සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක.... ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
චිත්‍රපටයේ තිර රචනය චමින්ද කොඩිතුවක්කු විසින් වන අතර,
මෙය EMIKA PRODUCTION නිෂ්පාදනයක්.
ඉතින්, ජනවාරී මාසයේ සිට ඔබට ළගම සිනමා ශාලාවේදී “Father - ෆාදර්” නරඹන්නට සූදානම් වන්න.




