දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති ජලගැලීම සහ අධික වර්ෂාපතනය හේතුවෙන් හානි වූ වැදගත් ලේඛන ආරක්ෂා කිරීමට රාජ්‍ය ආයතනවලට සහාය වීම සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ජාතික ලේඛනාගාර අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් වූ සවිස්තරාත්මක මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
ඒ අනුව 071 848 0831, 076 644 8406 , 071 086 5997 , 076 887 4158 යන දුරකතන අංක ඔස්සේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට මූලිකව මෙම සහාය ලබා ගැනීමේ හැකියාව පවතී.
පසුගිය දින කිහිපය තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ ජලයෙන් යට වූ හෝ ජලයෙන් පීඩාවට පත් වූ රජයේ කාර්යාල මෙම උපදේශනය මගින් ආවරණය කෙරේ. ඒ අනුව ඉඩම් ලේඛනාගාර, අධිකරණ වාර්තා, මූල්‍ය වාර්තා, පිරිස් ලිපිගොනු සහ නීතිමය හෝ සාක්ෂි වටිනාකමක් ඇති වාර්තා ඇතුළු වැදගත් ලියකියවිලි සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
කෙසේ නමුත් ආචාර්ය නදීර රූපසිංහ අවධාරණය කළේ කිසිදු වියළීමේ ක්‍රමයකට යම් තෙත් කෑමේ වාර්තාවක් ඒවායේ මුල් තත්ත්වයට සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කළ නොහැකි නමුත් ඉක්මන් හා ප්‍රවේශමෙන් මැදිහත් වීමෙන් අවම දෘශ්‍යමාන හානි සහිතව වටිනා ලිපි ලේඛන ඉතිරි කර ගත හැකි බවයි.
වියළීමට ලක් කරන ලිපි වාර්තා දිලීර වර්ධනය වැළැක්වීම සඳහා අමතර ධූමකරණයක් ද අවශ්‍ය විය හැකිය.
මාර්ගෝපදේශ මාලාවට පිවිසෙන්න : www.archives.gov.lk/records-management
උපදෙස් මාලාවට සවන්දෙන්න - https://web.facebook.com/share/v/1EUyYx4oz7/
උපදෙස් මාලාව කියවන්න පහත link හරහා
3. English: https://archives.gov.lk/.../ENGLISH_GUIDELINES-FOR...
'Sri Lanka National Archives' නිල ෆේස්බුක් පිටුවට පිවිසීම මගින්ද තොරතුරු ලබාගත හැක. https://web.facebook.com/SLArchives



