වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය අදින් (04) ආරම්භ වෙයි.
අද සිට ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය (මැයි) දක්වා ක්‍රියාත්මක වේ.
(2025 - 2026) ශ්‍රී පාද වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරමින් ඓතිහාසික පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද විහාරස්ථානයේ සිට "සධාතුක කරඬුව", “ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව” සහ අනෙකුත් පූජනීය ආභරණ ශ්‍රී පාද උඩ මළුව වෙත පෙරහැරකින් වැඩම කරවීම අද අළුයම සිදු කෙරිණි.
මෙම කටයුතු ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු විය.



